![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/05/28/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%20%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A.jpeg?itok=oXrvv-hP)
අනුරාධපුර සමාධි පිළිම වහන්සේ වෙනුවෙන් නෙළුම් මල් දෙලක්ෂයක් පූජා කිරීමේ, පිංකම ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී පැමිණ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මධ්‍යයේ ඊයේ (27) සිදු කෙරිණි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා අභයගිරි විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතනසිරි නාහිමියන් අනුශාසන පරිදි, සිසෙත් පදනමේ ප්‍රධාන අනුශාසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය අග්ගමහා පන්ඩිත මුවඇටගම ඤාණානන්ද හිමියන්, සිසෙත් පදනමේ නිර්මාතෘ, සභාපති ප්‍රවීණ ගීත රචක ඉන්දික අප්පුරාළ යන මහත්වරුන් ඇතුළු සිසෙත් පදනමේ මෙහයවීමෙන් 12 වැනි වරටත් මෙම පිංකම සංවිධාන කර තිබිණි.
පිංකම සඳහා හිටපු අමාත්‍ය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.
'සිතින් සිත පුපුදුවමින් -දැහැමි ලොවක් ගොඩ නගමු' යන තේමාව පෙරදැරිව මෙම උතුම් පින්කම සංවිධාන කර තිබිණි.
සුදු හා රතු නෙළුම් මල් දෙලක්ෂයක් මහ මෙවුනා උයනේ අභයගිරි මහා විහාර පුදබිමේ ඇති සමාධි ප්‍රතිමා වහන්සේ අභියස මහා මළුව සරසවමින් මේ උතුම් පින්කම සිදු විය.
මෙම පින්කමට සමගාමීව කප්රුක් පුජාව, පහන් කපුරු සුවදුම් පුජාව, විදුලි ආලෝක පුජාව, ගිරිභණ්ඩ පුජාව, අභය දානමය පුජාව, කිරි ආහාර පුජාව, ශබ්ද පුජාව, ශාක රෝපණ පුජාව, සත්පියුම් පුජාව, ගිලන්පස පුජාව යන පින්කම් රැසක්ද ඇතුලත් විය.
මෙම පිංකම සඳහා මහා සංඝරත්නය, දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
(තිසර සමල් - අනුරාධපුර)