
වෛද්‍ය ඉංජිනේරු දේශපාලන සංගීත ක්‍රීඩා ක්ෂේත්‍රවලින් ඉදිරියට ගිය බොහෝ දෙනාගේ කේන්දරවල රාජ යෝග
කේන්දරේ රාජ යෝග ඇතත් රාජ යෝග භංග තිබුණොත් ප්‍රතිඵල නෑ
ඥානය බුද්ධිය විෂයානුබද්ධ හැකියාව මත රාජ යෝග ක්‍රියාත්මක වේ
රාජ යෝග විශාල සංඛ්‍යාවක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. මෙලෙස රාජ යෝග යම් ජන්ම පත්‍රයක සඳහන් වුවද එහි විපාක අනිවාර්යයෙන්ම ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මන්ද රාජ යෝගවලට මුවා වුණු රාජ යෝග භංග තිබුණොත් කොතරම් ප්‍රබල වුවත් එකී යෝග බලය අහෝසි වී යනු ඇත.
අද මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ යෝග භංග නොමැති ජන්ම පත්‍රලාභියකුගේ රාජ යෝග විපාක ලබා දුන් වපසරිය පිළිබඳව කරුණු එකී ජන්ම පත්‍ර ආශ්‍රයෙන් විග්‍රහ කිරීමටය.
බහුතරයක් රාජ යෝග ක්‍රියාත්මක වනුයේ තම හැකියාව, ඥානය, බුද්ධිය මෙන්ම විෂයානුබද්ධ හැකියාවන් කරණකොටගෙනය. ජන්ම පත්‍රයක රාජ යෝග උරුම දරුවෙකු යම් ක්ෂේත්‍රයක් වෙත නිරායාස ඇල්මක් ඇති වී එම ක්ෂේත්‍රය වෙත වැඩි නැඹුරුවකින් හඹා යෑමක් සිදු වන්නේ, එකී ක්ෂේත්‍රය හරහා එම රාජ යෝගය ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයෙනි. මෙය වෛද්‍ය, ඉංජිනේරු, දේශපාලන, සංගීත, ක්‍රීඩා ආදී ඕනෑම ක්ෂේත්‍රයක් විය හැකිය.
බහුලව රාජ යෝගයන් අද ආදේශ වන්නේ දේශපාලනය හරහා පමණි. කවරෙකු හෝ තමාට ආවේණික ක්ෂේත්‍රයක් හරහා ඉදිරියටම ගමන් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු හෝ ඇය රාජ යෝග ලාභියෙකු හෝ සම්ප්‍රේෂණ බල හරහා රාජ යෝග කාරකත්වය හෝ ලබා තිබිය යුතුය. මෙලෙස එකිනෙකට වෙනස් අයුරින් රාජ යෝග කිහිපයක් ක්‍රියාත්මක වී ඇති ආකාරය විමසා බලමු.
එම රාජ යෝගය එතුමාව ජාතික නායකත්වයක් කරා රැගෙන යෑමට සමත් විය.
මෙලෙස බලන කල රාජ යෝග ක්‍රියාත්මක වීම තම රාජ යෝගවල බලවත් භාවය මත සුදුසු වකවානුවේදී කුමන ක්ෂේත්‍රයක් හරහා හෝ ක්‍රියාත්මක වනු ඇති. ග්‍රාම නිලධාරී තුමාද, ත්‍රිවිධ හමුදාපතිවරු හා සෙසු නිලධාරීන්ද, රට කරවන දේශපලඥයන්ද අඩු වැඩි වශයෙන් අපට පෙනෙන රාජ යෝග උරුමකරුවෝ වෙති. ආගමික නායකත්ව තනතුරු පවා මෙලෙසම රාජ යෝග කරණ කොටගෙන ක්‍රියාත්මකය. නමුත් විවිධ විෂයානුබද්ධව රාජ යෝග විපාක දීම දෘෂ්‍ය නොවන අතර, ඔවුන් නිහඬව තම රාජ යෝග නිදහසේ භුක්ති විඳිනු ඇත.
ජ්‍යොතිර් විද්‍යා විශාරද
ස්වාපන මනෝ චිකිත්සක
ආචාර්ය සම්පත් වීරසිංහ