සිහිනෙන් දෙවඟනන් දුටුවොත් විවාහයට රූමත් කතක් | Page 5 | සිළුමිණ

සිහිනෙන් දෙවඟනන් දුටුවොත් විවාහයට රූමත් කතක්

නින්දේදි දකින සිහින කියන පලාපල

අමෙරිකාවේ හිටපු ජනපති ලින්කන් මරණයට පෙර දුටු බිහිසුණු සිහිනය

මහා ඇලෙක්සැන්ඩර් රජුට ටයිරස් නගරය හිමිකර දුන් ස්වප්නය

 

අද්විතීය රණශූරයෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් රජු ටයිරස් නගරය වටලා සිටි දිනයක රැයේ නින්දේදී දුටු සිහිනය ද ඉතියාසගත වූවකි. යුද්ධය ගැනම කල්පනා කරමින් සිටියදී නින්දට පත්වූ රජතුමා අරුම පුදුම සතෙත් තම පළිහ මත නටන අයුරු සිහියායෙන් දුටුවේය. රජතුමා ඇරිස්ටැන්ඩර් නමැති තම පුරෝහිතයා කැඳවා තමන් දුටු සිහිනය ප්‍රකාශ කොට එම සිහිනයේ අරුක් විමසීය.

පුරෝහිතයා රජු සිහිනෙන් දුටු සතාගේ නම ග්‍රීක භාෂාවට අනුව කොටස් තුනකට වෙන් කළ විට ඉන් කියැවුණේ ටයිරස් නගරය ඔබටය යන වැකියයි.

එයින් දිරිමත් වූ ඇලෙක්සැන්ඩර් රජු තම සේනාව ඉදිරියට මෙහෙයවමින් නොබෝ දිනකින් ටයිරස් නගරය යටපත් කරගත්තේය. අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ චරිත කතාව ලියන ගත් කතුවරයා ප්‍රකාශ කරන අන්දමට එතුමා මරුමුවට පත්වන්නට කලින් බිහිසුණු සිහිනයක් දැක තිබේ.

"ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ධුරයට පත්වූ දිනයේ ද පුදුම සිහිනයක් දුටුවේය. තම රූපය ද්විත්ව රූපයක් මෙන් සිහිනෙන් දුටු එතුමාට එක් රූපයක ඉතා ප්‍රසන්න මුහුණක් ද අනෙක් රූපයෙන් ඉතා විරූපී මුහුණක් ද පෙනිණි. විශ්ව සාහිත්‍යය පවා සිහිනවලින් පෝෂණය වී තිබේ. ශ්‍රේෂ්ඨ ගත් කතුවරයන්ගේ ඇතැම් නිර්මාණ ඔවුන් දුටු සිහින මත ගොඩනැගී තිබේ.

ඒ අතරින් ජේ.බී. පිස්ට්ලි තම නිර්මාණ බොහොමයකට නින්දේදී දුටු සිහින මුල් කොටගත් බව කියැවේ. මෙහි දැක්වෙන සිහින ඔබ ද දුටුවේනම් ඒ සිහිනයේ සුබ අසුබ ඔබටම වටහාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

1. අවමංගල අවස්ථාවක තමන් හෝ වෙනකෙක් වැළපෙනු දැකීම - කිට්ටු දිනයෙක සමිපතම කෙනෙකුගේ අභාවය පිළිබඳව අසන්නට ලැබේ.

2. අහසේ ඉහළින් තමා පියාඹා යන අයුරු දැකීම - දුර ඈත සිටින කෙනෙකුගෙන් වාසියක් / ලාභයක් ලැබේ.

3. අන්නාසි - හදිසි ධන ලාභයක් ලැබෙන බව කියැවෙන සිහිනයකි.

4. අවුව හෝ අටුවට නැඟීම - දෙමාපියන් සහ දරුවන් අතර, සැමියා සහ බිරිය අතර නැතහොත් සහෝදර සහෝදරියන් අතර බරපතළ ආරවුලක් ඇතිවේ.

5. අත්වලට සහ පාදවලට තුවාල සිදුවීම- පවුලේ කෙනෙකුට බරපතළ කරදරයක් සිදුවීමට ඉඩ තිබේ.

6. අල්මාරියේ දොරක් හෝ දොර පියන් දෙකම විවෘතව ඇති අයුරු - තමන්ගේ මුදල් නිකරුණේ වැය කරන්නට සිදුවේ.

7. ආහාර අනුභව කිරීම - දුර බැහැර සිටින ඥාතිවරියක පිළිබඳ සතුටුදායක ආරංචියක් අසන්නට ලැබේ.

8. ආහාර පිසින අයුරු - සමීපතම ඥාතියෙකුට විපතක් සිදුවන බව අඟවන්නකි.

9. ආහාර නොමැති හිස් භාජන - කිසියම් කරුණක් හේතුවෙන් සමීපයෙන් ඇසුරු කළ අයෙක් සමඟ අමනාපකම් ඇතිවේ.

10. ආභරණවලින් සැරසුණු රූමතියක් හෝ දෙවඟනක් නිවෙසට පැමිණීම -

මෙම සිහිනය අවිවාහක අයෙකු වරක් දුටුවේනම් ඉතාම උතුම් භාර්යා සම්පත්තියකට හිමිකම් ලැබෙන බව පෙන්වයි.

11. ආහාර වර්ග ගොඩගසා ඇති අයුරු - දුරස්ව සිටි ඥාතීන් නුදුරේදී තමාට සමීප වන බව පෙන්වයි.

12. ආයුධවලින් තුවාල සිදුවීම -

නිසැකවම නුදුරේදී විශේෂ ධන ලාභයක්

13. ඇත් පැටවෙක් - පිරිමියෙක් විසින් දුටුවොත් බලාපොරාත්තුව සිටි ජයග්‍රහණය හිමිවේ. කාන්තාවක විසින් දුටුවොත් විශේෂයෙන්ම පිරිමි දරු උපතකි.

14. ඇතෙක් පිට ගමන් කිරීම - තම පරපුරේ කෙනෙකුගෙන් උරුම හිමිකම් ලැබේ.

15. ඇතෙකුගේ පහර දීමට ලක්වීම - පවුලේ සියල්ලන්ම කම්පාවට පත් කරන ආකාරයේ බරපතළ විපතක් සිදුවේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

Comments