
අප ඔබ කවුරුත් ගණ දෙවියන් ගැන අසා ඇත්තෙමු රජරට ප්‍රදේශයේ වීදිවල ගස් යට උන්වහන්සේගේ ප්‍රතිමා තබා ගැමියන් භක්තියෙන් යුතුව අදහන බාල මහලු කාගෙත් භක්තියට හා විශ්වාසයට පත් දෙවි කෙනෙකි. ගණ දෙවියන් එසේත් නැතිනම් පුල්ලෙයාර් දෙවියන්ට කළගෙඩියක් මෙන් විශාල උදරයක් සහ හොඬවැලක් ඇති අතර මෙම දෙවියන්ගේ වාහනය මීයාය. මී වාහනය අයත් ගණ දෙවියෝ නුවණට අධිපති දෙවියන් කොට සලකයි. උන්වහන්සේගේ උපත විකාශය පිළිබඳ ජනවහරේ ඉතිහාස බොහෝ රසවත් කථා ඇතත් ඒවා මෙහි සඳහන් කිරීමට වඩා උන්වහන්සේගේ උදවු උපකාර ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරමු.
උන්වහන්සේගේ හොඬවැලෙන් ප්‍රකාශ වන්නේ ශක්තියයි. උදරයෙන් ශාස්ත්‍රීය භාවයද මී වාහනයෙන් සූක්ෂමභාවයද නිරූපණය කරයි.
ගණ දෙවියන් මහා බලගතු දෙවි කෙනෙකි. ඉතා සරලව ඕනෑම නිවසක ව්‍යාපාර ස්ථානයක උන්වහන්සේ ඇදහිය හැකිය. කල් නොගොස් උන්වහන්සේගේ පිහිට උපකාරය ඒ වේලාවේම ලැබෙන බවනම් සහතිකය. ඔබත් මේ ක්‍රමවේද අත්හදා බලා අත්දැකීමෙන්ම උන්වහන්සේගේ භක්තිකයකු වන්න. ගණ දෙවි ආකර්ෂණය ලබා ගැනීම ඉතාම පහසුයි. සාමාන්‍ය කිලි කුණු අත්වැරදීම් උන්වහන්සේ වැඩිය ගණන් නොගන්නා අතර විනෝදයට, සංගීතයට, වාදනයට ප්‍රිය කරන මෙන්ම කුඩා දරුවන් පිළිබඳ බොහෝ ළෙන්ගතුකමෙන් කටයුතු කරන දෙවි කෙනෙකි. ගණ දෙවියන් ඉතා සරල වුවත් උන්වහන්සේගේ බලය මෙපමණයි කිව නොහැක. උන්වහන්සේගේ ප්‍රතිමාවක් ගෙන පළමු කොට පෙරා ගත් ඇල් දියෙන් ද දෙවනුව සඳුන් කිරි, කිරි පැණියෙන්ද තෙවනුව කිරිවලින්ද සිවුවනුව තැඹිලි වතුරෙන්ද පස්වෙනුව අමු කහ දියරයෙන්ද සයවෙනුව ඖෂධ වතුරෙන්ද සත්වෙනුව නැවත පෙරා ගත් ඇල් දියෙන්ද දෝවනය කොට පිළිරුව පුරා තල තෙල් ආලේපනයෙන් පසු වී ඊතණ ආදියෙන් සැකසු ආසන මණ්ඩපයක් තුළ පිළිරුව තැන්පත් කර පිච්චමල් මාලා පලඳවා බුලත් කොළයක් මත අමු කහ ගලගා තබා බුලත් අග්ගලා උක් විලද මී පැණි සුකිරි පැණි රස වර්ග තබා බුලත් කොළ මත මැටි පහන් 3ක් තබා තල තෙල් එළගි තෙල්, සඳුන් තෙල්වලින් පහන් දල්වා පුර කෙම්මුර දිනක පටන්ගෙන එක දිගටම දින 21ක් තම කාරණාව දෙවියන් ඉදිරියේ කියා සිටින්න. ධනයට හිතකරයි, සතුරන් නැසේ, රැකියා දියුණුවේ, වෙළෙඳාම් ඉහළ යයි. මෙකී නොකී කාරණා ඉටුවේ. විභාග ජය වේ. උන්වහන්සේගේ බලය වැඩි කරගැනීමට පහත යන්ත්‍රය සාදා පිළිරුවට යටින් තබන්න. ජීවමාන ශක්තියක් ඇතිවේ.
රූප සටහනෙන් පෙන්්වන යන්ත්‍රය
ජීවම සඳහා දේව ස්ත්රෝත්රය
අරි ඕං ත්‍රිපුර සංකාර විගේනෂ රූපා ටං ටං
සරණ සරණ නිතේයාන් කම්බිතේන් බාබා
ගණපති මහා ගණපති එන්නා විලුම් මනදිලුම් නිසා සිවා
මෙම ස්ත්රෝත්රය මුලින් මැදින් හා අගින් 24000 වරක් ජීවම් විය යුතුය.
මෙහි මුල මන්ත්‍රය
ඕං කිලි අං උං
පන්ලක්ෂ වාරයයි සිද්ධිය ලැබේ.
මෙය ජීවම් කිරීමේදී වටකර උඩුවියන් බැඳ විභුතිවලින් හෝ පිලිස්සු ගොමවලින් ත්‍රිශුල පිහිටා විද්‍යානුකූලව සිදු කළ යුතුය. පොල්, කෙසෙල්, පැණි රස, සඳුන්, බුලත්, සුවඳ පලා වර්ග, කපුරු ආදි අංග සම්පූර්ණ යහන සාදා කැකිරි මල් දමමින් ජීවම ආරම්භ කළ යුතුය. අඩුම තරමේ දින 7ක්වත් ජීවම කළ යුතුවේ. එවිට සිද්ධිය ලැබේ.
මෙය තැබීමෙන් ගණ දෙවි ආකර්ෂණය, රාජ, ස්ත්‍රී, පුරුෂ වශී ලැබේ. බාලගිරි දෝෂ විපත් කරදර දුරුවේ. බුද්ධිය වර්ධනය වේ. සුබ ක්‍රියාවන්ට අති ප්‍රබලයි. නිවසේ තමාගේ සිරියාව වැඩේ. ශරීර ප්රියතාව, ප්‍රසන්න බව ඉස්මතු වේ. සුවඳ සාම්බ්‍රාණි ගෙන පහත මන්ත්‍රයෙන් මතුරා යන්ත්‍රය ගණ දෙවි ප්‍රතිමාව යට තබා දුම් අල්ලන්න. ප්‍රතිමාව චලනය වනු දැකිය හැකිය.
වරං වරං දිෂ්ටිකාය ශරිරං
ඕං නමෝ ශුලෝ තේජෝ බන්ති බන්ති තානං
පදක්ති රූපං සලංකාජං දිෂ්ටි කායං ගණපති පුල්ලියාරේ නමෝ නමඃ
(සාම්බ්‍රාණි ජීවම 24000 වාරයයි.)
දෙවියන් වැඳීමට දේව ආරාධනාව
ඥානේෂවර ලම්බෝදර කර්ණ විලම්බිත
හත්තධාර මෝදක මූෂික වාහන නිත්‍යං
හස්ති චක්ත්රාධර මති ශේෂ්ඨ දන්ත බිත්තං
පුෂ්පාසන ගාමිනෝති ශ්‍රී ගණෝෂ දිව්‍යං
මාතා උමයංගනි පීතායි ගංගා ධාරි
ශ්වෙත ඡත්රධාරි තුමි හේම වර්ණ දේහං
කාම කලපලකාර කෙල පුෂ්ප මාලා කෂ්ඨං
මහේෂ්වර පුත්‍ර දේව ආසන ප්රවිශ්ටං
ෂණ්මුඛ දේවේන්ද්‍ර බෘත්ව සර්ව ශාස්ත්‍ර ගීතං
ඥානෝදක දානා නර නාරිනා සත්තං
ගෞරිප්රිය පුත්‍ර දේව රාජමාණි ශේෂ්ඨං
පුෂ්පාසන ඉදං කාල ගාමිනෝදි දිව්‍යං
ඉහත ස්ත්රෝත්රය එක්වර කියා ගණ දෙවිඳුට ආරාධනා කොට ගණ දෙවි මන්ත්‍රය 21 වර කියවන්න.
මන්ත්‍රය
ඕං නමෝ ශිවාය ගෞරි ප්‍රිය පුත්රං
ගනේෂවරානං
ශුද්ධ සිද්ධි ඉෂ්ට විශිෂ්ඨ අමෘත නයනාමෘත
පේක්ෂ ප්රවිෂ්ටන්තු විමාන
සංහාරතෝ මලිත මලිත
දිෂ්ටි දිෂ්ටි නමෝ නමඃ
මෙම මන්ත්‍රය ඉතා බලගතුය. මෙය නිතර භාවිතයෙන් ගණ දෙවියන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබේ. සත්‍ය වූ අත්දැකීම් පදනම් කරගෙන මෙය සටහන් කරමි. මෙම මන්ත්‍රයෙන් පසු තමාගේ කාරණාව තමන්ට අවශ්‍ය පරිදි තමා විසින්ම ගණ දෙවියන් ඉදිරියේ කියා සිටින්න. පුදුමයට පත්කරමින් ඔබට ප්‍රතිඵල ලැබෙනු ඇත.
ඔබගේ දියුණුව ධනය සෞභාග්‍ය උදවු සියලු ගැටලු විසඳා ගැනීම සඳහා ස්ත්රෝත්රය
ඕම් නමෝ සිද්ධි විනයකායි
සර්ව කාර්ස කර්ත්රෝ
සර්ව විශ්න කර්ත්රො
සර්ව විග්න ප්රශාම් නායි
සර්ව රාජාය විශ්ව කාරණායි
සර්ව රාජාය විශ්ව කාරණායි
සර්ව ජන සර්ව ස්ත්‍රි
පුරුෂ කාර්ශනාය
ශ්‍රිං ඕම් ස්වාහා
අඹු සැමි ආදර ප්‍රේම සබඳතා සතුට සෙනෙහස් වර්ධනයට
ඕම් නමෝ දේවි භගවතෝ
ත්රිලෝචාර තිපුර් .......... (නම) මේ
වශම් කුරු කුරු ස්වාහඃ
නැණ නුවණ වර්ධනය සහ විභාග ජය ගැනීමට
ඕම් ගණන් ජයාය නමඃ
ඕම් ජය ජය ගනේෂාය නමඃ
මේ ආදි කොටගත් ගණ දෙවියන්ගේ ප්‍රසාදය ආකර්ෂණය ලැබීම සඳහා වෙන වෙනම වූ ස්ත්රෝත්ර සිය ගණනකි. ඒ සියල්ල මෙහිලා සඳහන් කිරීමට අපහසු වුවත් මෙහි සඳහන් වූ ප්‍රමාණයෙන් හා යන්ත්‍රයෙන් ඔබට අසීමිත පිහිටක් ආධාරයක් ලැබිය හැකි බව සහතිකය. සියලු වැඩ කටයුතු නිමවා අවසානයේ පහත සඳහන් ආකාරයට ගණ දෙවියන්ට පින් දෙන්න.
ගථාව
ශංචංකුස භරණධාරි
නිට්ඨන්තෝ පදුමාසනේ
හේරබෝ පූජාරභෝ විර
දානං පුඤ්ඤානුමෝදතු
තේරුම
සුදු පැහැ සංඛයක් හෙණ්ඩුවක්
ඇතුළු ආභරණ අතින් දරාගෙන
පියුමාසන මත වැඩ සිටින්නාවු
බැති මතුන්ගේ පූජා සත්කාර ලැබීමට
සුදුසු වු හේරම්භ වීරයානන් වහන්ස
මේ පින් ඔබ වහන්සේ අනුමෝදන් වන්න.
ගාථාව
විජ්ජා ධාරක සම්පත්ති
සශ්න සම්පත්ති ධානිත්යා
දත්වා පුඤ්ඤානු මෝදිත්වා
අම්මෙහි රක්ඛන්තු විනායක
තේරුම
විද්‍යා ශාස්ත්රාදි සම්පත්ති හා දාරක
සම්පත්තියද එසේම ධන සම්පත්තිය
හා ස්වර්ග සම්පත්තියද ලැබ දෙන්නා වු
විනායකයන් වහන්ස ඒ සම්පත් මා වෙතද
ලබා දී මේ පින් අනුමෝදන් වන්න ආරක්ෂා කරන්න.
ගාථාව
සංවන්නතා ඥාන හිතාය දීපිකා
ගනේෂ ලම්බෝධර බාලචන්ද්‍ර
අනේක සම්පත්ති වරදාය කෝවිදා
පුඤ්ඤානුමෝදිය ගජනාත සම්ම දේවතා
තේරුම
නොයෙක් සැප සම්පත් සහ දේව වරප්‍රසාද ලබා දිමේහි දක්ෂ වූ ගණේෂ ලම්බෝදර බාලචන්ද්‍ර යනාදි විශේෂ නාම යන්ගෙන් නුවණැති දීපවාසින් විසින් මනාකොට වර්ණා කරනා ලද්දා වූ හිතෛෂි ගජනාථ දෙවිඳුනි
මේ පින් ඔබ වහන්ස අනුමෝදන් වන්න.
ජ්‍යොතිර් විශාරදකේ. එස්. එස්. යෝදින්ගේ