සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමයි | Page 3 | සිළුමිණ

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා ඇත. 
 
ඒ අනුව, කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030කි.
 
වියළි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,350ක් වේ. 
 
රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 325කි. 
 
සෝයා මීට් (තොග) කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 660කි.
 
ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 129කි.
 
සුදු සීනි කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 239ක් බවද ලංකා සතොස ආයතනය සදහන් කළේය. 
 
මෙම මිල පහත දැමීම අද (24) දින සිට පාරිභෝගිකයින්ට හිමිවනු ඇත. 

Comments