මාස 5ට 2726ක් කොරියාවට | Page 2 | සිළුමිණ

මාස 5ට 2726ක් කොරියාවට

පසුගිය මාස 5ක කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2,726 දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ අග භාගයේ සිට මැයි මාසයේ මුල් දෙසතිය දක්වා මෙසේ ශ්‍රමිකයන් පිටත්ව ගොස් ඇතැයිද එම පිරිසට තරුණයින් 2,694 දෙනෙකු සහ තරුණියන් 32 දෙදෙනෙකු ඇතුළත් බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය.

දකුණු කොරියාවේ විවිධ නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල රැකියාවන්ට ඔවුන් මෙසේ පිටත්ව ගොස් ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි. .

Comments