
ජීවිතයට අපමණ සෞභාග්‍ය ළඟා කර ගත හැකි ආශීර්වාදයක්
වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ)
සිළුමිණ ඉසිවර පින්වත් පාඨක ඔබ වෙත මා විසින් අද ඉදිරිපත් කරනු ලබන මෙම උතුම් බුදු ගුණ අශිර්වාද සත්‍යයක් ක්‍රියාව ඔබගේ ජීවිතයට අපමණ සෞභාග්‍ය ළඟා කර ගත හැකි අශිර්වාදයක් වන අතර
බුදුරජාණන් වහන්සේ ගැන අපමණ ශ්‍රද්ධාව ඔබගේ සිතේ දියුණු වීම තුළ එය සසර කල්ප ගණනක් සුගති තලවල ඉපදීමට තරම් බලවත් කුසල කර්මයක් වනු ඇත.
"සාරසංඛ්‍ය කල්ප ලක්ෂය බැගින්, අටාඅසංඛ්‍ය කල්ප ලක්ෂය බැගින්, සෝළසා සංඛ්‍ය කල්ප ලක්ෂය බැගින්, දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, පංච මහා පරිත්‍යාග, ත්‍රිවිධ චර්යාවන් පුරා සම්බෝධි ඥානය ලබා ගත්තා වූද ද්වාසංඛෙය්‍ය කල්ප ලක්ෂය බැගින් පාරමිතා පුරා පසේ බුදු බව ලබා ගත්තා වූද, ඒකා සංඛෙය්‍ය කල්ප ලක්ෂය බැගින් පාරමිතා පුරා ශ්‍රාවක බෝධිය ලබාගත්තා වූද, කල්ප ලක්ෂය බැගින් පාරමිතා පුරා අසූ මහා ශ්‍රාවක රහත් බව ලබා ගත්තා වූද, කල්ප ගණන් පාරමිතා පුරා ප්‍රකෘති ශ්‍රාවක රහත් බව ලබා ගත්තා වූද, අනන්ත සසර පටන් මේ දක්වා ලොව පහළ වුණා වූ සිය, දහස් කෝටි, ප්‍රකෝටි අසංඛෙය්‍ය අප්‍රමේය ගණන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආනූභාවයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ශීල සමාධි ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දස්සනාදී අනන්ත ගුණානුභාවයෙන් සත්‍යානුභාවයෙන්ද
අප ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වුණා වූ සතර දළදා වහන්සේලාගේ සරණින් කේෂ ධාතුන්, ඌර්ණ රෝම ධාතුන්, අකු ධාතුන්, ශාරීරික ධාතුන්, කටී ධාතූන් ධර්මකාය වහන්සේලාගේ සරණින් මහා සෑයේ වැඩ සිටින්නා වූ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ සරණින් තුන් ලොව පුරා වැඩ සිටින්නාවූ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ සරණින්, ශ්‍රී පතුල් ධාතු ධර්මකාය වහන්සේලාගේ සරණින්, සතර අත සතර දිග්භාගයේ පවතින්නා වූ සතර ශ්‍රී පතුල් ධර්මකාය වහන්සේගේ සරණින් පරිහරණය කළාවූ අසන් පාත්‍ර චීවර මණ්ඩප ආදී ධර්මකාය වහන්සේලාගේ සරණින් සියලු රහත් ධාතුන් වහන්සේලාගේ සරණින් සත්‍යානුභාවයෙන්ද අප මහා බෝසතාණන් වහන්සේට සම්මා සම්බුදු බව පැතීමේදී හමු වුණා වූ අප්‍රමාණ බුදුවරයන් වහන්සේලාගේ අභීත ආනුභාවයෙන්, සර්වඥතා ඥානයේ ආනූභාවයෙන්, සූවිසි කෙළ ලක්ෂ සම්පත්‍යානුභාවයෙන් සතිස් කෙළ ලක්‍ෂ මහා වජ්‍රඥානයේ ආනුභාවයෙන්, නව මහා විදර්ශනා ඥානයේ ආනුභාවයෙන්, අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණ මෙනෙහි කරන ඥානයේ ආනුභාවයෙන්, දස බල ඥානයේ ආනුභාවයෙන්, චතුර් වෛශාරද්‍ය ඥානයේ ආනුභාවයෙන් ෂඩ් අසාධාරණ ඥානයේ ආනුභාවයෙන්, අනන්ත ධර්මයන් අවබෝධ කර වදාළ අනන්ත බුද්ධ ඥාන මණ්ඩලයේ ආනුභාවයෙන්, සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාදය, සතර සම්‍යක් ප්‍රදානය, පංච ඉන්ද්‍රීය, පංච බලය, සප්ත බොජ්ඣංගය, මාර්ගංගය යන මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයේ ආනුභාවයෙන්, සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් දස පාරමිතානුභාවයෙන්, දස උප පාරමිතානුභාවයෙන්, දස පරමත්ත පාරමිතානුභාවයෙන්, පංච මහා පරිත්‍යාගයේ ආනුභාවයෙන්, ත්‍රිවිධ චර්යාවේ ආනුභාවයෙන් ද්වතිංශ මහා පුරුෂ ලක්නානුභාවයෙන්, කේතුමාලාලංකාරනු භාවයෙන් ව්‍යාම ප්‍රභානුභාවයෙන්, ෂඩ් වර්ණ, ගණ බුද්ධ රෂ්මි මාලාවේ ආනුභාවයෙන්, ත්‍රී විද්‍යානුභාවයෙන්, ෂඩ්හිඥානානුභාවයෙන්, අෂ්ට සමාපත්තියානුභාවයෙන්ද, අප මහා බෝසතාණන් වහන්සේ ජඛ්‍යන්ත ජාතකයේ සෝනුත්තර නම් වැද්දාට සවණක් රැස් විහිදුවන දළ දෙක බුදු බව පතා දන් දුන්නා සත්‍යයයි.
සිවි ජාතකයේදී අන්ධ බමුණාට ලොව්තුරු බුදු බව පතා ඇස් දෙක සතුටින් දන් දුන්නා සත්‍යයයි. සස ජාතකයේදී යාචක බමුණාට ආහාර පිණිස ගිනිමැළයට පැන වදාළ බව සත්‍යයයි. ඛදිරංගාර ජාතකයේදී පසේ බුදුන්ට දන් දෙනු පිණිස ගිනි මැලයට පැන වදාළ බව සත්‍යයයි, දසරන් ජාතකයේදී තමන් වහන්සේ දුන් වහන් සඟළ පවා තුන් අවුරුද්දක් මුළුල්ලේ රාජ්‍ය කරවූ බව සත්‍යයයි, මේ ආදී සත්‍යානුභාවයෙන්ද අප මහා බෝසතාණන් වහන්සේ සමත්‍රිංෂණ පාරමී ධර්ම සම්පූර්ණ කොට වෙස්සන්තර නම් ආත්ම භාවයේදී සප්ත සතක මහා දන් දුන්නා සත්‍යයයි. අඹුදරුවන් දන් දුන්නා සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් තුසිත භවනේ ඉපිද එහි ආයු වලඳා පස්මහ බැලුම් බැලීමේදී කල්ප ලක්‍ෂයක් පිරූ පාරමිතා ඇති මහාමායා දේවින් දුටුවා සත්‍යයයි. මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නා මොහොතේ මවු කුස මම පිළිසිඳ ගතිමි දැන දැනම පිළිසිඳ ගත්තා සත්‍යයයි. මවු කුස පිළිසිඳ ගත් පසු දෙවන ජන්ම වාරයේ පටන් දැන් මම මවු කුස පිළිසිඳ ගතිමි යි කියා දැනගත්තා සත්‍යයයි.
මවු කුස වසන කල මම දැන් මව් කුස වසමි යි දැන දැනම විසුවා සත්‍යයයි, වීදුරු කරඬුවක් ඇතුළේ තැබූ රන් පිළිමයක් මෙන් මහාමායා මවු බිසවට බෝසත් දරුවා බද්ධ පර්යන්කයෙන් වැඩ ඉන්නා බව දුටුවා සත්‍යයයි. දස මසක් ඇවෑමෙන් මහාමයා මවු කුසෙන් බිහිවූ මොහොතේ මවු බිසවටද තමන් වහන්සේටද කරදරයක් නැතිව ඩබරාවකින් නික්මෙන දියත්තක් මෙන්ද ධර්ම සානයකින් බසිනා ධර්ම කතිකායන කෙනෙකුන් මෙන්ද බොහෝ පහසුවෙන් බිහිවුණා සත්‍යයයි. සුද්ධාවාසක රහත් බ්‍රහ්මයන් සතර දෙනෙක් රන් දැලින් පිළිගත් බව සත්‍යයයි. සතර වරම් දෙවිවරුන් අඳුන් දිවි සමින් මැසූ ඇතිරිල්ලෙන් පිළිගත් බව සත්‍යයයි.
මනුෂ්‍යයෝ දුහුල් වස්ත්‍රයකින් පිළිගත් බව සත්‍යයයි. නැවත තමන් වහන්සේ බිහිවන මොහොතේ දෙතිස් මහා පෙරනිමිති පූජා ලැබූ බව සත්‍යයයි. තමන් වහන්සේ නැවත උතුරු දිගට සත් පියවරක් වැඩමවා
"අග්ගො හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවොති "
සිංහ නාද කර වදාළ බව සත්‍යයයි.
මහ බෝ මැඬ වැඬ හිඳ පස් මරුන් දිනා ලොව් තුරා බුදු බවට පැමිණ වදාළ බව සත්‍යයයි. පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී මුඛයෙන් වදාළ බව සත්‍යයයි. ඒ සත්‍යානුභාව බලයෙන් ශක්තියෙන්ද, ඔබට සියලු යහපත උදාවේවා ! ශාන්තිය සැලසේවා! නිරෝගීභාවය ලැබේවා."