පොල් අස්වැන්න ඉහළට වී, තේ, රබර් පහළට | සිළුමිණ

පොල් අස්වැන්න ඉහළට වී, තේ, රබර් පහළට

පොහොර සහ අනිකුත් කෘෂි රසායනික ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්වල උග්‍ර හිඟයක් පැවතිය ද 2021 සහ 2022 වර්ෂවල පැවැති කාලගුණික තත්ත්වයන් යටතේ වුවද 2022 දී පොල් අස්වැන්න මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික නිෂ්පාදනය වාර්තා කර තිබේ.

ඒ අනුව 2021 වාර්තා වු 11.7%ක වර්ධනයට සාපේක්ෂව 2022 දී 8.7%ක වර්ධනයක් වාර්තා කරමින් සමස්ත පොල් අස්වැන්න ගෙඩි මිලියන 3391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර 2017න් පසු වී අස්වැන්න එහි අඩුම වාර්ෂික අස්වැන්න වාර්තා කරමින් වී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. එකී ප්‍රමාණය ගෙවී ගිය වසරේ මෙට්‍රික් ටොන් මිලියන 3.4ක් දක්වා එනම් 34.1%කින් පහළ ගොස් තිබේ. තේ නිෂ්පාදනය 16.0%කින් ද සමස්ත රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 70.9ක් දක්වා 7.8%කින් පහළ ගොස් තිබේ.

Comments