
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත් පසුගියදා ලක්නව්හි දී හමු වී සාකච්ඡාවක නිරත විය. එහිදී සංචාරක, සංස්කෘතික, ආගමික සහ ජන සම්බන්ධතා ක්ෂේත්රවල සහයෝගිතාව ශක්තිමත් කිරීම ගැනද සාකච්ඡා කළ අතර උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික, ආගමික, සංචාරක, හුවමාරු හරහා ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද මෙහි දී අවධානයට යොමු විය.
එහිදී සීතාඑළියේ සීතා අම්මාන් විහාරස්ථානය අසලින් ගලා බසින ඇළෙන් ලබාගත් පාෂාණයක් මහ කොමසාරිස් මොරගොඩ මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් වෙත පිළිගන්වන ලද අවස්ථාව.
ඉන්දියාවේ මහාබෝධි සංගමයේ සාරානාත් මධ්‍යස්ථානය භාර ආර් සුමිත්තානන්ද හිමි, සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.