රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් | Page 10 | සිළුමිණ

රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක්

ආණ්ඩුව ඉලක්කම්වලින් සංචිත රැස් වී තිබෙන බව පෙන්වීමට උත්සහ කළද රටේ දැවැන්තම ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කීය.

සංචිත ශක්තිමත් වෙලා තියෙනවා කියලා රජය කීවාට රටේ ආනයනය සීමා කරලා තියෙනවා. වෙළෙඳ පොළ අකුළලා තියෙනවා. එවිට සංචිත වැය වීමක් නැහැ. බොරු ඉලක්කම් ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ණය බේරන්න පටන් ගත්ත ගමන් සම්පූර්ණයෙන් මේ තත්ත්වය වෙනස් වෙනවා. එසේම අර්බුදය යළිත් මතුවෙන බවත් ආණ්ඩුව කිසිදු මුදලක් වැඩිපුර ඉපැයීමේ මාර්ගයක් සොයාගෙන නැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.

Comments