කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි | Page 3 | සිළුමිණ

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව, ලෝක සෞඛය සංවිධානය පවසයි.
 
මෙම ප්‍රකාශය මගින් වසංගතය තුරන් කි‍රීමේ ප්‍රධාන පියවරක්  නියෝජනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ලොව ජීවිත ලක්‍ෂ ගණනින් බිලිගත් කොවිඩ් 19 වෛරසය‍ ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය මීට වසර 3 කට පෙර ප්‍රකාශයට පත් කළේය. නමුත් කොවිඩ් වෛරසයට එරෙහි සාර්ථක එන්නත් නිපදවීම හා එන්නත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මරණ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී තිබේ.
 
2021 වසරේ දී කොවිඩ් වෛරසය හේතුවෙන් සතියකට ගෝලීය  වශයෙන් කොවිඩ් මරණ ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා විය. එහෙත්, මෙම වසරේ  අප්‍රේල් මස වන විට සතියකින් වාර්තා වන්නේ, මරණ 3,500 ක් වැනි අඩු අගයකි. 
 
මාධ්‍ය හමුවකට එක්වෙමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙක්රෝස් අද්නාම් ගේබ්‍රියේසස් පැවසුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් සත්‍ය ලෙස මිය ගිය සංඛ්‍යාව මිලියන 20 කට ආසන්න බවයි. ඒ, නිල ඇස්තමේන්තුව මෙන් තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක් බව ඔහු අවධාරණය කර සිටියේය.   
 
කෙසේ වෙතත්, වෛරසය සැලකිය යුතු තර්ජනයක් ලෙස පවතින බවට, ඔහු අනතුරු අඟවන ලදී. 

Comments