
සූර්ය නමස්කාරය හෙවත් හිරු පිදීම ආසියාතික රටවල උත්තරීතර පූජා ක්රමවේදයකි. හිරු උදාවෙත්ම "විශ්වමිත්ර මුනිවරයින්" ලොවට ප්රකාශිත ගයත්රිවේද මන්ත්රය කියන අතිවිශාල පිරිසක් සමාජය තුළ සිටී. යෝග වැඩීමද කරනු ඇත. පැරණි අය හිරුගේ සෙවණැල්ලෙන් එදිනෙදා පලාපල සොයා ගන්නා ක්රමයක් 'සූර්ය ලෑල්ලේ නිමිත්ත' උපයෝගී කර ගත් බැව් ඉපැරණි පත්ඉරුවල සඳහන් වී තිබේ.
ඒ ගැන සටහනක් ඉසිවර සංග්රහය හරහා පාඨකයන්ට මෙසේ තිළිණ කරමි.
තම පියවරේ (පා අඩි දෙකක් අතර) දිගැති ලෑල්ලක හෝ ඝනකම් කාඩ්බෝඩ් එකක චක්රයක හැඩැති රවුමක් කපාගෙන එහි එකේ සිට (1+14) දාහතර දක්වා දකුණු අතට ඉලක්කම් ඇඳ ගන්න. රියනක් (අඟල් 18) ඇද නැති රවුම් කෝටුවක් කපාගෙන ලෑල්ලේ හරි මැද සවි කරන්න.
එළිමහනේ මිදුලේ නිදහස් තැනක මෙම කෝටුව සවි කළ ලෑල්ල තබන්න.
ලෑල්ලේ සටහන් කරන ලද අංක සටහන මතට වැටී කෝටුවේ සෙවණැලි වැටීම අනුව එදින සහ තමාගේ වැඩ කටයුතුවල සුබ අසුබ පල විපාක දැනගැනීමට හැකි වේ. එම අංකවලින් ලැබෙන කියැවෙන ප්රතිඵල මෙසේය.
ශ්රී සූර්ය ලෑල්ලේ ගුප්ත නිමිත්ත
1. ප්රසන්ධි + ජය අත්වේ සුබයි
2. යමුර්ත + කාර්ය ඉටු නොවේ
3. මහීස + වස්තු සම්පත් ලැබේ
4. කෙඩිෂ්ඨ + සොර සතුරු බිය ඇති වේ
5. ශ්රී රාජ + ලාභ ලැබේ. මුදල් අත්පත් වේ
6. රාජ මාලය + කරදර ඇති වේ
7. කණකාර්ය + වස්තු විනාශය සිදු වේ
8. හෑරතය + වැඩ අසාර්ථක වේ
9. ශ්රීකාර + සම්පත් මිල මුදල් ලැබේ
10. භෛතිර + අදෘශ්යමාන භූත දෝෂ ඇති වේ
11. ජය බින්දු + භවභෝග මුදල් හිමි වේ
12. සල්පජය + වස්තුව ලැබේ. හදිසි ධන ලාභ අත් වේ
13. ශ්රී සුන්දරක + සියලුම වැඩ සාර්ථක වේ
14. විදුරාගත + දරුණු අපලයි. නිෂ්ඵල වේ
ඔබ කරන්නට සූදානම් වන විශේෂිත වැඩ කටයුත්තකට පෙර උදයේ මෙම නිමිත්ත අල්ලා ප්රතිඵල දැනගන්න. පූර්ව නිගමනයකට පැමිණිය හැකි වේ. ඉතාම පැරණි නිමිත්තකි.