සුබ අසුබ දෙකම සහිත මධ්‍ය පරිවර්තන යෝග | සිළුමිණ

සුබ අසුබ දෙකම සහිත මධ්‍ය පරිවර්තන යෝග

පරිවර්තන යෝගයන් අතුරින් "මහා පරිවර්තන" යෝග පිළිබඳව මීට ඉහත දි සාකච්ඡා කළෙමු. ඒවායේ නිතැත සුබ පල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද එය රාජ යෝගවලට පත් වන ආකාරය ද විමසා බලන ලදී.

සුබ - අසුබ ද්විත්වයම මිශ්‍රිතව ප්‍රතිඵල ක්‍රියාත්මක වන හෙයින් මෙම යෝගයන් "මධ්‍ය පරිවර්තන" යෝග ලෙස හැඳින්වෙන අතර එය ගණනින් 08කි. අද සාකච්ඡා කරනු ලබන්නේ මෙකී යෝගය පිළිබඳවය.

වික්‍රමස්ථානාධිපතියා ලෙස හැඳින්වෙන 3 අධිපති ග්‍රහයා තවත් භාවාධිපතීන් සමඟ පරිවර්තනය වීමෙන් මෙම යෝගයන් නිර්මාණය වෙයි. තුන්වැන්නාධිපතියාත්, ලග්නය, දෙවැන්න, සිවුවැන්න, පස්වැන්න, සත්වැන්න, නවවැන්න, දසවැන්න සහ එකොළොස්වැන්න අධිපති ග්‍රහයනුත් අතරේ සිදු වන පරිවර්තන මීට අයත් වෙයි. අවබෝධයේ පහසුව පිණිස එය රූප සටහනේ පරිදි සටහනකින් දැක්විය හැකිය. මෙලෙස නිර්මාණය වන යෝගයන්හි ප්‍රතිඵල එකිනෙකට වෙනස් වේ. එම යෝගයන්ගේ සාරාංශ ප්‍රතිඵල ගොනුකර පහත දක්වා ඇති අතර; එකී ප්‍රතිඵල කෙරෙහි ග්‍රහ බල දුබලතා මෙන්ම සෙසු ග්‍රහ බලපෑම මත එහි නැඹුරුව කෙසේ වේදැයි විශ්ලේෂණාත්මකව බැලිය යුතුය. මෙලෙස බලන කල මහා පරිවර්තන යෝග තරම් බලවත් නොවුණද, යෝග 3ක් හැර දෛන්‍ය යෝග තරම් අසුබ නොවන ලෙස ද, මධ්‍ය පරිවර්තන යෝගයන්හි සුබාසුබ ක්‍රියාත්මක වෙයි.

Comments