
මේෂ - පුණ්‍ය කටයුතුවලට යොමු වෙයි
සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මඟිනි. ආරම්භය කනගාටුදායක පුවතක් අසන්නට ලැබිය හැකි අතර ඉන්පසු දින කීපය ගෘහ ජීවිතය තුළ ගැටලු අවම වී මිල මුදල් තත්ත්වය යහපත් වේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵල වේ. ආගමික භක්තිය වැඩිදියුණු වන ලැබීම් සහිත සුබ කාලයකි. ගෙදර දොර කලඑළි වන අතර, රැකියා සඳහා දුර ගමන් යෙදෙයි. අපල අවම කර ගැනීමට පිළියම් යෙදිය යුත්තේ සෙම් රෝග ආදිය ඇති විය හැකි බැවිනි. අඟහරුවාදා දින බෝධි පූජාවලට සහභාගි වන්න. භාවනාවක නිරත වන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණ - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - සුබ සතියකි
සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මඟිනි. යුගදිවිය සතුටින් ගෙවන වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍ර යෝජන අත්වන සතියකි. පුණ්‍ය සිතුවිලි ක්‍රියාත්මක කරන සහ ප්‍රියමනාප ස්වරූපයට අන්‍යයන්ගේ අවධානයද හිමි වෙයි. රැකියා සඳහා ඇවිදිලි වැඩිවන අතර ගෙදරදොර අලංකාරයට ද කාලය කැප කරයි. සහෝදර සබඳතා වර් ධනය වන සුබ සතියකි. දරුවන් පිළිබඳ සතුටුදායක පණිවිඩද අසන්නට ලැබේ. අපල අවම කරගැනීමට සුවඳවත් මල් පූජා කරන්න. දසදිසා පිරිත කියන්න.
සුබ අංක - 6, 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා සිකුරාදා
මිථුන - ලාභ ප්‍රයෝජන අත් වේ
සඳු ගමන් ආරම්භ කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න හරහාය. ආරම්භයේදී තරමක ගැටලු සහ අසනීප ගති පෙන්වයි. ඉන්පසු දින කීපය සතුටුදායකය. යුගදිවියේ සාමකාමී බව කරන කියන රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත් වේ. සමාජ සබඳතා වර්ධනය වේ. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට ඒවා ලැබෙන්නට ඉඩකඩ ඇත. උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන ග්‍රහබල පවතී. අපල අවම වීම සඳහා ඉගෙන ගන්නා දරුවකුට පාසල් උපකරණ පොත්පත් ලබා දෙන්න. සුබ අංක 3, 5, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
කටක - දරුවන්ගේ දක්ෂතා
සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ දක්ෂතා වර්ධනය වන යහපත් කටයුතු පල දරන සතියකි. යුග දිවිය සතුටුදායකය. සමාජ සම්බන්ධතා වැඩි වේ. පිළිගැනීම, ගෞරවය හිමි වන කටයුතුවලට අත ගසයි. දියුණුවට අත දිය හැකි කාලය, මිතුරන් ඇසුර ලැබේ. දන්නා හිතවත් කෙනෙකුගේ මරණයක් පිළිබඳව දුක් වෙයි. විදෙස් ගමන් නොමැතිනම් දුර ගමන් හෝ යෙදෙන අතමිට සරු සතියක ආරම්භයකි. සතියේ අපල අවම කර ගැනීමට සෑම උදයකම බුදුන්ට පැන් වීදුරුවක් තබා සුදු මල් පූජා කරන්න.
සුබ අංක - 2, 7, සුබ වර්ණ - සුදු, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා
සිංහ - ආර්ථිකය සවිමත් වේ
සඳු ගමන් ආරම්භ කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෙදරදොර අලංකාරය පිණිස වෙහෙසෙන මවු දෙමාපියන්ගෙන් උපකාරණ ලබන සතියකි. දරුවන්ගේ දක්ෂතා මැනවින් ඔප් නැංවෙයි. රැකියා ව්‍යාපාර අංශවලින් නොසිතූ ලාභ, ඇසුරු කරන අයගේ සුහදත්වය වර්ධනය වේ. සමහර විට ආවේගශීලී අවස්ථා උද්ගත විය හැකි බැවින් ඉවසීම ඇතිව කටයුුතු කිරීම වැදගත් වේ. ප්‍රේම සබඳතා පලදරන ආදරය සෙනෙහස වඩා වර්ධනය වන සතියක ආරම්භයයි. අපල අවම කරගැනීමට වැඩිහිටියනට දුර්වල අයට උපකාර කරන්න. ආදරය කරුණාව දක්වන්න.
සුබ අංක - 4, 5, සුබ වර්ණ - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - යහපත් සතියක ආරම්භයකි
සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර බැඳීම් වර්ධනය වන අතර වැඩි කතාබහේදී සිත් රිදීම් ඇති වේ. ආදරය, සෙනෙහස මානුෂීය ගුණධර්ම ප්‍රගුණ කෙරෙන ගෙදර දොර දියුණුව පිළිබඳ වෙහෙසෙන සතියකි. සහජ දක්ෂතා ඔප් නැංවෙයි. දරුවන්ගේ දක්ෂතා පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ. පුණ්‍ය කටයුතු පිළිබඳ උනන්දුවක් ඇති වෙයි. අපල අවම කර ගැනීමට ඉගෙන ගන්නා වයසේ අගහිඟතා ඇති දරුවනට උපකාර කරන්න. කොහොඹ පැළයක් සිටුවන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
තුලා - අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. අතමිට මිල මුදල් ගැවසෙන සහෝදර මාපිය උදවු උපකාර හිමි වන සතියකි. ගෙදර දොර දියුණුව පිණිස යම් වැඩපිළිවෙළක් යොදන්නට අරමුණු කරයි. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව සහජ දක්ෂතා ඔප් නැංවෙයි. කරන කියන රැකීරක්ෂාවල දියුණුව ජනතාවගේ ආකර්ෂණය සුහදශීලිත්වය ඇති කරයි. සතියේ අපල අවම කර ගැනීමට කරඳ පැළයකට සත්කාර කරන්න. ආබාධිත දරුවකුට උපකාර කරන්න.
සුබ අංක - 3, 6, සුබ වර්ණය - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - ස්වෝත්සාහයෙන් කටයුතු කරයි
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න සහ සිවුවැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ සුළු ගැටලු මතු වුවත් ඒවා තාවකාලිකය. ව්‍යාපාර කටයුතු දියුණු වේ. සහජ දක්ෂතා ඔප් නැංවේ. පදිංචි ස්ථානයේ දියුණුවට කටයුතු කරන අතර රැකියා ආදිය සඳහා ඇවිදිලිද වැඩි වේ. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හොඳින් සිදු කෙරේ. සතිය ආරම්භයේදී ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් ඇති විය හැකි ගැටලු අවම කරගත හැක. අපල අවම කරගැනීමට ශල්‍යකර්මවලට ලක් වූ අයට ලේ දෝෂ පවතින අයට උපකාර කරන්න.
සුබ අංක - 1, 2, සුබ වර්ණ - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - ඉතාම යහපත් සතියකි
සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය තරමක් ගැටලු සහගත විය හැකි මෙන්ම පාඩු සිදුවිය හැක. ඉන් පසුව දින කීපය ආත්ම ධෛර්යයෙන් යුතුව වැඩ කටයුතු කරයි. මානුෂීය ගුණධර්ම වර්ධනය වෙමින් පුණ්‍ය සිතුවිලි පහළ වේ. මිල මුදල්, ආර්ථික තත්ත්වය අයහපත් නොවේ. යහපත් සමාජ සබඳතා ගොඩ නැඟේ. විදෙස් ගමන්වලට ලිපි ලේඛනවලින් සතුටුදායක ආරංචි ලැබීමට පුළුවන. ඔබගේ වචනයට අන්‍යයන්ගේ අවනත ස්වරූපයක් පෙන්නුම් කරයි. සුබ සතියකි. අපල අවම කර ගැනීමට රතන සූත්‍රය කියන්න.
සුබ අංක - 5, 8, සුබ වර්ණ - කහ, සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා
මකර - බලාපොරොත්තු ඉටු වේ
සඳු ගමන් ගන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. මෙතෙක් බලාපොරොත්තුව සිටි අභිලාෂයන් ඉෂ්ට සිද්ධ වන සතියකි. තමාට ලැබෙන්නට තිබූ මුදලක් ලැබීමට භාග්‍ය පවතින අතර දරුවන්ගේ දියුණුව වාසනාව මතු කරයි. ගෞරවනීය ප්‍රසාදයක් ජනතාව තුළ ඇති කරයි. ප්‍රියමනාප ස්වරූපයකින් සමහර විට ආත්මාර්ථය පෙරදැරිව කටයුතු කිරීමටද නොපැකිළි වනු ඇත. ඒ නිසා හොඳ නරක තේරුම් කරගෙන බුද්ධිමත් තීරණම ගත යුතුය. සියලු යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වන සතියකි. අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක - 7, 8, සුබ වර්ණ - තද නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - අනපේක්ෂිතව වාසියක් සැලැසේ
සඳු ගමන් ආරම්භ කරන්නේ 10, 11, 12 සහ 01 යන භාවයන් හරහාය. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙස වී ඇවිදීමට සිදු වේ. එහෙත් ඒවායින් ලාභ ප්‍රයෝජන අත් වූවත් සමහර අවස්ථාවකදී පාඩුවක් සිත් රිදීමක් ඇති විය හැක. අනපේක්ෂිතව ඔබට ලැබිය යුතු වාසියක් සැලැසේ. ගෘහජීවිතය සැනසිලිදායකව ගත වේ. අවිවේකය මත වැඩ කටයුතු අවුල් සහගත වේ. දරුවන් පිළිබඳව සතුටුවිය හැකි සතියකි. අපල අවම කර ගැනීමට බෝධියට පැන් වත් කරන්න. බෝ පත්‍ර අතින් අහුලා ගන්න.
සුබ අංක - 5, 9, සුබ වර්ණ - තද නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
මීන - පුණ්‍ය කටයුතුවලට යොමු වේ
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. ආරම්භයේ දීම පුණ්‍ය කටයුතුවලට දායකත්වය ඇති වේ. රැකියා අංශ වෙනුවෙන් දුර ගමන් යාමට ද සිදු වේ. මුල් දිනවල ලාභදායී ලෙස කටයුතු සිදු වුවත් අවසන් දින පාඩු සිදුවිය හැකි බැවින් බුද්ධිමත් වන්න. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු සපල වේ. ගෙදරදොර වැඩ කටයුතු වෙනුවෙන් අධික මහන්සියක් දරයි. සුබ සතියක් වන අතර සැහැල්ලු මානසිකත්වයක් පෙන්නුම් කරයි. අපල අවම කර ගැනීමට කහ පාට මල් උදේ සවස පූජා කරන්න. අභිසම්භිධාන පිරිත කියන්න. අසන්න.
සුබ අංක - 5, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා