
මන්ත්‍රය -
ඕං නමෝ බාහර පුරන්දර ප්‍රබෝධකාරී අම්මේ සිද්ධ මංගල නමඃ
ඕං නමෝ ශ්‍රියාදේවී මා මුහුණ බලා හරි හරින්දේ වානේ සිද්ධ මංගල නමඃ
ඕං නමෝ වීර බන්ධු කුමාර දේවතා අනින් සිද්ධ මංගල නමඃ
ඕං නමෝ ශ්‍රී දිෂ්ටි ශ්‍රියාකර්ෂණ මාලාවෙන් සිද්ධ මංගල නමඃ
ඕං නමෝ අං ඉං උං කාරි සාද රැස් ධාරණී එං කාරි සිද්ධ මංගල නමඃ
ඕ භගවතෝ පරම සුන්දරී වෛජන්ත කුමාරයාය සිද්ධ මංගල නමඃ
විවාහය ප්‍රමාද වී ඇති ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම කෙටි කලක් ඇතුළත විවාහ යෝජනා සපල වී සබඳතා වෙන් නොවී මංගල කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රබලතම මහා මංගල ප්‍රදීප යන්ත්‍රය සකසා ගැනීමට ශාස්ත්‍රීය උපදෙස් පවිත්‍ර තැනක
පංචෝපාචාර විධි අනුව පූජාසනයක කැවිලි 5, පලතුරු 5, කෙසෙල්, බුලත්, පාට මල් වර්ග, කුංකුම, බැදි කඩල, උඳු, කුංකුම, උක් හකුරු, මී පැණි, පස්ගෝ රස , සූකිරි, ධාන්‍ය වර්ග 5( ඇටි ඇට) අල වර්ග 5, දලු වර්ග 5, පඬුරු, තැඹිලි ගෙඩියක් තබන්න.
තඹ පත්‍රයේ යන්ත්‍රය පන්හිඳෙන් ක්‍රමවත්ව ඇඳගන්න.
ගිතෙල් පහනක් දල්වා ශ්‍රී රාම හෝ සර්වදේව දිෂ්ටියෙන් දිෂ්ටි කර ගන්න. මූල මන්ත්‍රයෙන්108 වරක් හෝ 1000 වර ජප කර ගත යුතු වේ.
සිරුරේ අන්තර්ගත ලෝහ අතුරින් තඹ සුවිශේෂි වේ. සිකුරාදා දිනක පුර පස ශුක්‍ර හෝරාවෙන් ජප කළ යුතු වේ. ජප කරගත් යන්ත්‍රය සමඟ රන් තැඹිලි තෙල් හෝ සඳුන් තෙල් මිශ්‍ර කළ කපු පුලුන් රොදක් සුරය තුළට දමන්න. ඉතාම සුබ නැකැතකින් පලඳින්න.
කිළි කුණුවලින් වළකින්න. මේ බල සම්පන්න යන්ත්‍රය ක්‍රමවත්ව සකසාගෙන පලඳින්න.
ප්‍රමාද වන යුගදිවිය සාර්ථකත්වයට පත් කර ගැනීමට බලය ලැබේවි.