
‘බාලගිරි දෝෂය අද නොවේ හෙට‘ යනුවෙන් තරමක ලොකු අකුරෙන් නිවසේ උළුවස්සේ, දොරේ හෝ ඒ ආසන්නයේ බිත්තියේ ලියා තැබීමට ඈත අතීතයේ සිට අද දක්වාත් මතුවට ද පැවතෙන සිරිතක් බවට පත්ව ඇත. විවාහ දිවියට පා තබන සැමියා බිරිය දෙදෙනාගේ අරමුණු අතර දරුවකු බිහිකර ගැනීම සඳහා දැඩි අපේක්ෂාවෙන් කටයුතු කරයි.
දරුවකු බිහිකර මවක් වීමේ අපේක්ෂාවෙන් සිහින දකින කාන්තාවට තම අපේක්ෂාවන් බිඳ වැටී තමන් අසරණ වීමත් සමඟ මානසික වශයෙන් පීඩනයට ලක්වීමක් සිදු වේ. බිලිඳු දරුවනට වැලඳෙන විවිධ රෝග අතරින් 'බාලගිරි දෝෂය' පිළිබඳව අතීතයේ මෙන්ම වර්තමානයේ ජනතාව අතර පවුල් අතර විශේෂ අවධානයකට යොමුව පවතී.
යක්ෂ චිකිත්සාවලියේ බාලගිරි කාණ්ඩයට අයත් කොටසේ කුමරුවා උපන් පළමු දින සිට කුමරුට වර්ෂ දොළහක් ගත වන තුරු බාලගිරි දෝෂය බල පවත්වන බව සහ ඉහත සඳහන් කළ වර්ෂ දොළහෙන් පසුව ද ඉහත කාණ්ඩයට අයත් යක්ෂයන් කොටසක් විසින් වයස අවුරුදු අනූ අටක් යන තෙක් වරින්වර රෝග ඇති කරන බවත් සඳහන්ය.
මෙවැනි අවස්ථාවලදී කරනු ලබන විවිධ ප්‍රතිකර්මවලින් පිහිටක් නොලැබීමට ඉඩ ඇති අතර එවැනි අවස්ථාවලදී යක්ෂ රෝග කාණ්ඩයට අයත් ප්‍රතිකර්ම කිරීමෙන් සුවය ලබාගත හැක. බිලිඳා උපන් පළමු දින සිට පළමු අවුරුද්ද යක්ෂණී බැල්ම හෙළනු ඇත. එවැනි අවස්ථාවක කිරි නොබීම, දැඟලීම, උණ ඇති කරයි. මෙවැනි අවස්ථාවලදී මැටියෙන් රුවක් සාදා සුදු බත්, සුදු හඳුන් ගෙන වට්ටියක තබා එළ අඹ, සුදු හඳුන්, හිසකෙස් පූජා කළ මල් එක සමානව ගෙන පොඩි කර අඟුරු කබලකට දමා ඕංහ්‍රීංළුට් ස්වාහඃ යන මන්ත්‍රය කියමින් 108 වරක් ජීවම් කර අලුයම කාලයේ නිවසට නැඟෙනහිර දිසාවේ පූජා වට්ටිය මත දරුවා තබා දුම් අල්ලන්න.
බිලිඳා ඉපිද දෙවන අවුරුද්ද සුනන්ද නම් යක්ෂණී බැල්ම හෙළන බවද එසේ වුවහොත් දිවා රාත්‍රී නිතරම දරුවා හඬයි. උණ ඇති වේ. දත්මිටි කෑම, ඇස්පිය හෙළීම අඩු වේ. කිරි නොබී සිටී. මෙවැනි අවස්ථාවකදී ඉහත සඳහන් ආකාරයට අවශ්‍ය දේවල් සූදානම් කරගෙන එම මන්ත්‍රයෙන්ම ජීවම් කර සවස 6ට පමණ නිවසට බස්නාහිරට තබා දුම් අල්ලන්න. එමෙන්ම උපන් තුන් දින, තුන් මස, තුන් අවුරුද්ද පුතතාම නම් යක්ෂණී බැල්ම හෙළන අතර එවැනි අවස්ථාවකදී ද බිලිඳා කිරි නොබොන අතර කෑම ද නොකයි. උණ ඇතිවීම, නිතරම උඩ බලා සිටී නම් රතු මල්, රතු බත් ගෙන වට්ටියේ තබා ඉහත සඳහන් ආකාරයට දුම් අල්ලා ඉහත සඳහන් මන්ත්‍රය පවසමින් මතුරමින් සවස පහත් හයත් අතර නිවසට උතුරු දිසාවේ තබා දුම් අල්ලන්න.
එමෙන්ම උපන් සිවු දින, සිවු මස, සිවු අවුරුද්ද මුඛ බන්ධන නම් යක්ෂණී බැල්ම හෙළන බැවින් එසේ වුවහොත් උණ ඇතිවීම, බෙල්ල පණ නැති වන බව පෙනේ. උඩ බලයි. ඇඟ රෝම කෙළින් වී සන්ධි පණ නැති කරයි. මෙවැනි අවස්ථාවකදී තල පිටි මිශ්‍ර කර කිරිබත් ද දිය ගොඩ මස් ද සුදුමල් සුදු කොඩියක් වට්ටියේ තබා සාම්බ්‍රාණි පෙර සඳහන් කළ මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් බල පිහිටුවා මන්ත්‍රය කියමින් දරුවා සිය නිවසට බටහිර දිසාවේ සවස හයට පමණ තබා දුම් අල්ලන්න.
උපන් දින සිට හය වන දින, හය මාසය, අවුරුදු හය අතර කාලයේදී ශකුන මනරි නම් යක්ෂණී බැල්ම දැමීම කර ඇත්නම් දිව කට වේලීම, ගිනියම් වේදනා, කටේ වියළි ගතිය ඇතිවේ. එසේ ඇත්නම් ඊට දිය ගොඩමස, කළු පැහැති මල් වට්ටියේ තබා දුම් අල්ලා පළමුව දැක්වූ මන්ත්‍රයෙන්ම මතුරා දුම් අල්ලමින් දරුවා එම වට්ටියේ තබා නිවසට බටහිර දෙසට දවල් 12ට තබා දුම් අල්ලන්න.
උපන් දා පටන් හත් දවස, හත්මස, අවුරුදු හතනම් රේවති නම් යක්ෂණී බැල්ම දමා ඇත්නම් සන්ධි රිදීම, දැවිල්ල ඇතිවේ. ඊට සුදු බත් දියමස්, සුදු සඳුන්, සුදු මල් තබා පළමු සඳහන් කළ මන්ත්‍රයෙන් මතුරා දුම් අල්ලමින් නිවසට උතුරු දිසාව බලා දරුවා තබා උතුරු දිශාවට සවස පහට පමණ දුම් අල්ලන්න.
උපන් දින සිට දින එකොළහ, මාස එකොළහ, අවුරුදු එකොළහ කාලයේදී අර්මමා මාතරි යක්ෂණී බැල්ම දැමීම නිසා කෑම අරුචිය, වියළි ගතිය, උඩ බලාගෙන සිටීම, උණ ඇතිවීම සිදු වේ. උඳු මිශ්‍ර කිරිබත් උයා සුදු මල්, සුදු හඳුන් තබා පහන් දල්වා
"මන්ත්‍රය - ඕං නමෝ භගවතෝ නාරායනාය ඡත්‍ර
භාෂභස්ථාය ජ්වල ජ්වල දුෂ්ඨ ග්‍රහ ඕං හ්‍රීං එට් ඒස් මන්ත්‍රයෙන් මතුරා ජීවම් බල පිහිටුවා ගන්න.
උපන් දින සිට දින දොළහ, මාස දොළහ, අවුරුදු දොළහ අත්භූත නම් යක්ෂණි බැල්ම දමනු ඇත. හිසරදය, උණ, කෑම අරුචිය, ඇඬීම, දත්මිටි කෑම කරයි. සුදුබත්, සුවඳ දුම්, සුදුමල්, දියගොඩ මස්, පහන් දොළහක් දල්වා සෙත්කර නිවසට දකුණු දිශාවේ තුන්මං හන්දියක සවස පහට පමණ
මන්ත්‍රය -
ඕං නමෝ භගවතෝ නාරායනාය ප්‍රජ්වලිත
හස්ථාය හනහන ශෝධය ශෝධය මරදය
මර්දය තාපය තාපය හුං හුං හනහන දුෂ්ඨ
සත්වාතාඕ මාතරී හුං එට් ඒස්වාහං
මෙම මන්ත්‍රය මතුරා 108 වරක් ජීවම් බල පිහිටුවා නූල බඳින්න. කුඩා ළමුන්ට වැලඳෙන බාලගිරි දෝෂයට මීට අමතරව විශේෂ ශාන්තිකර්ම කාණ්ඩයක් අග්නිවේඝ නම් ඍෂීන් වහන්සේ ප්‍රකාශ කර ඇති පොදුවේ භාවිතා කළ හැකි යන්ත්‍රයක් බවට ඔබගේ නිවසේදීම සාදා ගැනීමට හැකි වන සේ සඳහන් කර ඇත. දරුවාට සිතෙන වේලාවක යන්ත්‍රය ඇඳ ගන්න. කුඩාම දරුවකු නම් කොට්ටය තුළට දමන්න. සෙනසුරාදා දිනක සවස් කාලයේ නිවසේ සුදුසු ස්ථානයක සුදු වස්ත්‍රයක් හැඳගෙන මල් ආසනය සාදා මෙහි සඳහන් යන්ත්‍රය කලින් දිනයක ඇඳගෙන පූජාසනය මත පුවක් මල්, මල් වර්ග පහන් ඇටි ඇට, පහන් බිත්තරයක් කපුරු බුලත් පඬුරු විළඳ මී පැණි සඳුන් කුඩු, පලතුරු පහන් තබා සිකුරාදා දිනය යන්ත්‍රය ජීවම් බල පිහිටුවා සෙනසුරාදා එළිවෙන්නට පෙර යන්ත්‍රය දැමීමට හෝ කොට්ටය තුළට දැමීමට කටයුතු කරන්න.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, වෛද්‍යාචාර්ය
එම්. රූපසිංහ