කවි සිළුමිණ | Page 2 | සිළුමිණ

කවි සිළුමිණ

උප­තක මහි­මය

අවිඳු අඳුරේ අත­ර­මං වූ මිනි­ස්වග දුක්ඳු­රින් මිදුණා
පවට නොනැ­මෙන දයා කරුණා ගුණය සත්වග සිත්හි පිරුණා
සියලු පවු මළ සිතින්, වද­නින්, ක්‍රියා­වෙන් මුළු­ම­නින් නැසුණා
සසර ගම­නින් නත­ර­ ව­න්නට ඔබට මට ඉන් සුවය ලැබුණා

සත් පියුම් පෙති­ව­ලට නොරදා ළපටි පාපොඩි සෙමින් රැඳුණා
අත් මුඳුන් දී දෙවි බඹුන් හැම සාදු නද දස අතෙහි ඇසුණා
ලොවට අග­වෙමි, ලොවට දෙටු වෙමි, සෙත වෙමි හඬක් නැඟුණා
නැවත නොම ­එමි, සසර නිම ­විණි සියල් සතු­නට සුවය මැවුණා

කුසුමා වර්ණ­සු­රිය


නිවන් මඟ


උතුම් බුදු පද­විය ලබ­න්නට පෙරුම් පුර­මින් සසර බැමි බිඳ
අවිඳු මොහො­දුරු තිමිර දුරු කොට පායලා ඇත වෙසක් පුන් සඳ
නිවන් මඟ පෙන්වන්න සම්පත් ඉවත් කර­මින් අනෙක දුක් විඳ
තථා­ගත බුදුපියා­ණෙනි අව­ස­රයි පා යුග වඳිමි මල් පුද

අපට මෙත­කැයි කියා නිම කළ වටිනා දහ­මක් අගේ නැත්තේ
දුක් විඳින සත නිවා සැන­සෙයි අමා දම් දිය දහර මත්තේ
මිනිස් දෙව් බඹු තිලොව සත් වග දහම් සිසි­ලෙන් අමා චිත්තේ
නිවන් මඟ හැර වෙන මඟක් නැත අසා බුදු බණ නිතර ඇත්තේ

ග.මු. සුබ­සිංහ


වෙසඟේ අසි­රිය


බක් මහේ කිරි සුවඳ යන්නට ඉඩක් නෑරම සුබ වෙසක්
සක් සිඹි­න්නට බෙර වය­න්නට උදා වෙනවා සුබ වෙසක්
නෙක් සුවඳ මල් පහන් පුදනා තිලෝ­ගුරු මුනි සුබ වෙසක්
එක් වෙලා අපි සැමට පත­නෙමු බුදු මඟුල් දින සුබ වෙසක්

ගසින් පිපි මල් වැලින් පිරි මල් පිපී පෙදෙ­සම සුවඳ දෙයි
රසින් රස පිරි අඹ දඹද අද පල­තු­රින් පැණි බිම පෙරෙයි
තොසින් ගම මෙන් නගරෙ බොදු දද අහසේ ළෙල දෙයි
සවන් පිනනා සාදු නාදය බෝම­ළුවේ සිල් සුවඳ දෙයි

තුන් හෙළේ බොදු දනන්ගේ මුව සාදු නාදය පතු­රලා
පන්සලේ ඝාණ්ටාර නාදෙට මුළු ගමම අද පිබි­දිලා
දන්සලේ රස බොජුන් සැමට නෙළුම් කොළ පත් එලා
රැස් කළේ අපි දුගී මගි­නට බෙදා දන්වැට එක්වෙලා

ආනන්ද අබේ­වි­ක්‍රම


සම්බුදු තෙම­ඟුල සම­රමු බැති සිතින්


ගෞතම බුදුන් ලෙස බුදු වන්නට දියත
දීපං­කර බුදුන් පාමුල ලැබු විව­රණ නියත
වෙසක් පෝදාක කප්සු­ව­හස් ඈතදි කියත
පව­සයි ඉති­හාසෙ සිදුවූ බව ලෙස නියත
සුර­ලොව හැර­දමා මනු­ලොව සපැ­මිණි
මායා පුතු පියුම් මත වැඩ හිඳි­මිණි
දඹ­දිව පසිඳු සල් උයනේ ලුම්බිණි
අද වැනි වෙසක් පෝදා­වක සිදු­වුණි
සම්බුදු සමිඳු ලක්දිව වැඩි තෙවෙනි වර
උත්තම වෙසක් පෝදි­න­කදි විය පවර
සම­නල කන්දෙ මුනි සිරිපා තැබු එවර
සිහි­ කර වඳි­නවා ලක්දන සැම­වර

ඒ. එම්. අබේ­සිං­හ­බණ්ඩා


පිනි බිඳු­වයි ජීවි­ත­යයි

රාත්‍රී අඳුර මකා­ගෙන
දිලි­සෙ­මින්
එක් නිමේ­ෂ­යක
සෞන්ද­ර්යා­ත්මක චාරි­කා­වක
ගෙන යයි අපව
ජීවිත ජීවත් කර­ව­න්නට
පිනි බිඳුව ඔබ.....
අව­සන....
ජීවි­තය ඔබ වැනි යයි
පව­ස­මින්
මර­ණයේ සෞන්ද­ර්යය
ගෙන හැර
පෙන්වා දෙයි අප­ටම
පිනි බිඳුව ඔබ...

චාන්දනී දේවිකා පුංචි­හේවා


වඳිමි සම්බුදු පා පියුම්

ගංගා ඇළ වැව් පොකු­ණුද පුරවා නිල් දිය දහරා ගලා බසී
තුරු­ලිය අතු අග වික­සිත කුසු­මන් මඳ­නල සම­ඟින් සුවඳ ඉසී
රන්වන් සර­ණින් සළු­පිළි අන්දා පුන්සඳ අහසේ සිනා සිසී
වෙසගේ සිරි­යෙන් ලොව නැහැ­වෙද්දී දෙව් ලොව දෙවි­වරු බිමට බසී

දම්ගුණ සුව­ඳින් මුළු ලොව දිනු හිමි පවිටු අඳුරු පව් මල සෝදා
ලොව්තුරු සුව­යක සිසි­ලස විදු­මට යාමට නිවැ­රදි මඟ පාදා
වද­හල දම් කද සිරි සම්බුදු හිමි පසක් කළේ බිඳ හැර බාදා
ලොව­ටම අග වී පියු­මක වැඩ සිට සිහ­නද කළේ වෙසඟේ පෝදා

ක. ආ. ජය­රත්න සිරි­සේන


වෙසක් අසිරි 


මැයි මල් පිපෙන සඳ එළි­යට කොඳ­මල් පිපෙන
දහම් සුවඳ කිය­මින් මඳ­නල හමන
තෙම­ඟුල බුදු හිමිගේ සිහි කරන
වතු­සුදු මල් යායක් වාගෙයි පන්සල වෙසක් දින

ඩබ්.පී. ඉන්ද්‍රානි


දහම් මඟ

වෙසක් පොහෝ දාවෙකැ ලෝ දිනු අයෙක්
වෙසක් පොහෝ­දා­කමැ ලෝ හැබෑ දැනන්
වෙසක් පොහෝ දාවෙකැ දී නිවී ගියෝ
එයයි වෙසක් තුන් මඟුලේ කත­න්දරේ

බුදුන් දකි­න්නන් පම­ණෙක් නිවන් දකී
බුදුන් කියන්නේ ඔබගේ දහම් මඟයි
කසාය බීවොත් ලෙඩ දුක් නිවා­ර­ණයි
බලා සිටී­මෙන් නොවැඩේ කමක් පලක්

කැප්පි­ටි­යා­ගොඩ කල්‍යා­ණ­වංස හිමි


සම­රමු වෙසක්


සිදු­විය උපත හැඩ­කර ලුම්බිණි උයන
බුදු විය නිවන දැක දුක කෙළ­වර තියන
තුසිනා රා නුවර දී පිය­විණි නයන
සම­රමු වෙසක් බුදු තෙම­ඟුල ගැන කියන

පුන් සඳ වෙසක් විහි­දුව රැස් පොහොය දිනේ
ලද බුදු පද­වි­යයි තුන් ලොව ඉහළ දනේ
සැක­යකි දෙවි­ය­නට ඒ පිළි­බ­ඳව වුණේ
පෑ පෙළ­හ­රින් පැහැ­දුණි දැක අමිල ගුණේ

විජ­යිදු ඇතුළු පිරි­සක් මෙම අනගි බිම
විසි­තුරු සිරිය දැක ගෙන නැති සතුට නිම
ගොඩ බැස්සේ එදා දැන ගෙන වටින කම
ඉති­හා­සය කියයි වෙස‍ඟේ පරම රම

කුරු­ඳු­කු­ඹුරේ නන්ද­සිරි


අනා­ගාමී නිවන


ලෝභ ද්වේශ මෝහ
දෝතට ගෙන
දාන ශීල භාවනා
පෙර­හැ­රක
සෑදෑ­හැ­ව­තුන්

ලය­නල් ගමගේ


බුදු තෙම­ඟුල

සක්දෙව් සපි­රි­ව­රින් සුරු­ඟ­නන් කැඳවා විගස
රන් සළු­පි­ළි­යෙන් සරසා ලුම්බිණි පෙදෙස
කුංකුම අගිල් සුවඳ සදුන් විහිදා පෙදෙස
තුන් ලොව­කට දැනුණි බුදු උප­තක දවස

සසර දුකින් මිදෙ­න්නට මඟ­පල ලබා­ගෙන
මැදුම් පිළි­වෙ­තින් භාව­නා­වක සිත­කය රඳා­ගෙන
පෙර බව දකින නුව­ණැති සිත හදා­ගෙන
බෝසත් හිමි බුදු ­වුණි රුදුරු මරු පර­දා­ගෙන

සුනේත්‍රා ප්‍රේම­සු­න්දර


බුදු හිමි නම­දිමි


දුකින් තැවෙන සිත් සුව­පත් කරන නියා
දුර ඈතට පවා වැඩ නෙක දනන් සොයා
අම සෙත සදා දුන් තිලො­වග සෑසි පියා
බැති­බර හදින් මම නම­දිමි සාදු කියා

දම් සිසි­ල­සින් නහවා තුන් ලෝ තලය
සත වෙත පතු­රවා මෙත් කරුණා ගුණය
සමි­ඳුනි! ළඟා කර දුන් නිව­නෙහි සුවය
සස­රෙහි වසන තුරු මට සුබ­සෙත ඔබය

ඇම්. ඒ. ජය­සිරි


වෙසක්


ලුම්බි­ණියේ සල් මල් උයනේ
සිදු­හත් කුමරා බිහි වූයේ
සත් පියු­මක් මත පා තැබුවේ
පුර පස­ළො­ස්වක වෙසක් දිනේ
කෙලෙස් මරුන් පර­දාලා
එදා ගයා සිරසේ
උතුම් වු බුදු බව ලැබුවේ
පුර පස­ළො­ස්වක වෙසක් දිනේ
උප­ව­ර්තන සල් මල් උයනේ
මුළු ලොව කම්පා කර­මින්
අප බුදු­හි­මි­යන් පිරිනිවුණා
පුර පස­ළො­ස්වක වෙසක් දිනේ
එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
සුව ­කළ මැන සිත
බුදු­හි­මිගේ සිරි මංගල කාරණා
ගැන වද­වෙන මුළු බව­යම
සිහි­ලෙන් පුර­වන බුදු බණ පද­යක
සිහිල දෑනේවා මතු මතු සංසාරේ
සසර මන්දිරේ අත­ර­මඟ
කඳු­ළැල් සල­මින් තැවුල් මැද
සරනා මගෙ ජීවන ගමන
සුව­පත් කළ මැන සමිඳ
මල් ඈතිරූ මාවත් නොමැති
කටු කොහො­ලින් පිරි ජීවන ගමනේ
තනිවී අස­රණ වූ මොහොතේ
සිහි­ලයි ඔබ දෙසු දම් සරණේ

මේනකා දම­යන්ති

Comments