
මෙරට විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ සමාගම ලෙස දශක 6ක විශිෂ්ට ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) ඉකුත් දා ‘Virtual Claim Assistance’ නමින් නව සේවාවක් හඳුන්වා දෙනු ලැබිණි.
SLIC, මෙම නව සේවාව හඳුන්වා දී ඇත්තේ රිය අනතුරකින් පසු සහ වාහනයේ අලුත්වැඩියාවකින් පසු හිමිකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහාය. ‘Virtual Claim Assistance’ යනු පාරිභෝගිකයකු අනතුරකට මුහුණ දුන් පසු වාහනය පරීක්ෂා කරගැනීමට සහ සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරියකු විසින් තක්සේරුවක් ලබා දීමට ඉඩ සලසන ඩිජිටල් සේවාවකි. මෙහිදී SMS පණිවිඩයක් හරහා එවනු ලබන අන්තර්ජාල යෙදුමක් හරහා පාරිභෝගිකයා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තාක්ෂණික නිලධාරියා දුරස්ථ වීඩියෝ තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ස්ථානීය පරීක්ෂාව සිදු කරයි. ‘Virtual Claim Assistance’ පිළිබඳ වැඩි විස්තර ළඟම ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවෙන් හෝ 011 2 357 357 ඇමතීමෙන් ලබා ගත හැකිය.