අවුරුදු සමයේ වැටලීම් 1,098ක් | Page 2 | සිළුමිණ

අවුරුදු සමයේ වැටලීම් 1,098ක්

පසුගිය 2022 වසරේ අලුත් අවුරුදු උත්සව සමයට සාපේක්ෂව මෙවර උත්සව සමයේ වෙළෙඳ පොළ වැටලීම් වැඩි වී ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් දත්ත අනුව මේ වසරේ මාර්තු 20 වැනි දින සිට 31 වැනි දින දක්වා වෙළෙඳ පොළ වැටලීම් 820 ක්ද, අප්‍රේල් 1 වැනිදා සිට 6 වැනිදා දක්වා දින 7 ක් තුළ වැටලීම් 278 ක්ද සිදු කර ඇත.

සියලු දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකර ඇති අතර මෙම වැටලීම්වලින් 60% කට විරුද්ධව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීවේය.

මෙම වැටලීම් අතර වැඩි ප්‍රමාණයක් මිල ප්‍රදර්ශනය නොකිරීම් හා කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම් සම්බන්ධයෙන් වන අතර ඉතිරිය වැඩි මිලට බිත්තර විකිණීම හා වැඩි මිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම්ය.

මීට අමතරව භාණ්ඩ සම්බන්ධව විධාන කඩ කිරීම්ද ඇතුළත්ය. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ගැසට් කළ මිලක් නියම වන්නේ බිත්තර හා සහල් සඳහාය. ගැසට් කළ මිලට අනුව සුදු බිත්තරයක් රුපියල් 44 ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් වේ.

Comments