ආදර සැම­රුම් කැටි­කර හද­වත් මිහිරි ස්වර­යෙන් නැළ වූ ඇවි­ළුණු ගී දැල් නිවී යයි | සිළුමිණ

ආදර සැම­රුම් කැටි­කර හද­වත් මිහිරි ස්වර­යෙන් නැළ වූ ඇවි­ළුණු ගී දැල් නිවී යයි

1983 ජූලි මාසේ රට පුරා ජාති­වාදි කල කෝලා­හල ගිනි ඇවි­ළුණු අව­ස්ථාවේ සර­සවි සිසු­ව­කුව සිටි මම පයින් ම නුගේ­ගොඩ පිහිටි සනත් නන්ද­සිරි නිවෙ­සට ගියෙමි. එතැන නොස­න්සුන් කල­බ­ල­කාරී වාතා­ව­ර­ණ­යක් පැව­තුණි. එම පටු මාවතේ ජීවත් වූ දෙමළ පවු­ලක් ආරක්ෂා කර­ගෙන එහි පැමිණි මැර කණ්ඩා­ය­මක් මෙල්ල කර­මින් සිටි සනත් නන්ද­සි­රිගේ නිර්භී­ත­කම මට පසක් විණි. සූර, වීර, ධීර ගුණ­ස­ම්පන්න ස්වීය­ත්ව­යක් පළට කළ සංගීත් නිපුන් මහා­චාර්ය සනත් නන්ද­සිරි මිය යන විට 81 හැවි­රිදි වියේ පසු­විණි. ඒ වන විටත් හෙතෙම සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති තන­තුර බැබ­ළ­වීය. 

සංයෝ­ගය හා වියෝ­ගය ජීවි­තයේ ප්‍රධාන ධර්මතා වන්නේ ය. 1942 පෙබ­ර­වාරි 15 දා කොලො­න්නාව ගොත­ටුව ගමේ උපන් හේරත් මුදි­ය­න්සේ­ලාගේ සනත් නන්ද­සිරි අප්‍ර­මාණ කාර්ය­භා­ර­යක් රට, ලොව, ජන සමා­ජය වෙත ඉෂ්ට කොට 2023 මාර්තු 28 දා අප අත­රින් වියෝ වූයේ ඉම­හත් සංවේ­ග­යක් මෙන් ම අනි­යත දහම ද පසක් කර­මිනි.

1947 ගමේ උත්ස­ව­ය­කදී ඔහු ජීවි­තයේ මුල් ම ගීතය ගැයුවේ සිය අක්කා සම­ඟිනි. එම අවි­චාර සමය ලෝක යුද්ධ කාල­යයි. ගමේ පාස­ලෙන් ද දෙම­ට­ගොඩ සාන්ත මැතිව් විදු­හ­ලෙන් ද අකුරු උගත් සනත් රාත්‍රී කාලයේ තාත්තා ගයන ගී හඬ­ටත්, ග්‍රැම­ෆෝන් ගී නාද­ය­ටත් ගුවන් විදු­ලියේ ශාස්ත්‍රීය සංගී­ත­ය­ටත් සව­න්දීමේ පුරු­ද්දක් ඇතිව සිටි­යෙකි. 1955 දී නන්දා ජය­මා­න්නගේ මඟ පෙන්වී­මෙන් ගුවන් විදු­ලිය ළමා මණ්ඩ­පයේ දී 'මාලා ගන්ධ විලේ­පන' නම් ගීය හා පුරා කියා සනත් විසින් ගයන ලදී. සූරි­ය­ලතා කුරු­ප්පු­ආ­රච්චි පබැඳූ එම ගීය තනු නිර්මා­ණය කොට පුහුණු කළේ හේම­ති­ලක දයා­රත්න සංගීත ගුරු­තුමා ය. විල්ෆ්‍රඩ් පීරිස්, මහේෂ් සින්න­යියා, ඩී.ආර්. පීරිස් ඔහුට සංගීත ගුරු­වරු වූහ. තබ්ලා වාද­නය ඔහුට මැනැ­වින් ප්‍රගුණ විණ.

රජයේ සංගීත විද්‍යා­ලයේ විදු­හ­ල්පති විශා­රද ලය­නල් එදි­රි­සිංහ හා විශා­රද එස්. ද එස්. ජය­සේ­කර ගේ මඟ පෙන්වී­මෙන් 1960 දී සනත් භාර­තයේ ලක්නව් සංගීත් විද්‍යා පීඨ­යට ඇතුළු වී ගාය­නය හා තබ්ලා වාද­නය හදාරා විශාර ද උපාධි ලබා ගති. උස්තාද් අහ­මඩ් ජාන් තිර­ක්වා­ගෙන් ශාස්ත්‍රීය තබ්ලා වාද­නය උගත් එකම ලාංකික ශිෂ්‍යයා සනත් ය. 1966 ලංකා­වට පැමිණි සනත් ගුවන් විදු­ලියේ පරී­ක්ෂ­ණ­ය­කට පෙනී සිට ඉහ­ළින් සමත් විණි. විශා­රද පී. ඩන්ස්ටන් ද සිල්වා සංගී­ත­වත් කළ විමල් අභ­ය­සු­න්දර රචනා කළ නව­දැ­ලි­හේන ගීත නාට­කයේ "නයන භෘංගී හාස හංසී" ගීතය ගායනා කර තම ප්‍රති­භාව පෙන්වීය. එකල වෙළෙඳ සේවයේ සංගීත පාලක පී. ඇල්. ඒ. සෝම­පාල ඒ ගී අසා සනත්ට ගී ගැයී­මට ආරා­ධනා කළේය.

විම­ල­ධර්ම ජය­වී­රගේ ඇවි­ළුණු ගිනි­දැල්, බණ්ඩාර විජේ­තුං­ගගේ මහද පෙම් විලේ, ප්‍රේම­කීර්ති ද අල්විස් හා පුරා ලියූ මිහි­රාවී ගී ගැයී­මෙන් එක්ව­නම සනත්ගේ කුස­ල­තාව රසි­ක­යන් විසින් වටහා ගන්නා ලදී. එකල ඔහුට හමු වූ මල්කාන්ති මිහි­රාවී ගීයේ සහාය ගාය­න­යට එක්වූ­වාය. එදා මෙදාර තුර නවක ගී පද රච­ක­යන්ගේ ගීත දහස් ගණ­නින් තනු නිමවා ගැයූ සනත් ආධු­නික මෙන්ම ප්‍රවීණ ගායක ගායි­කා­වන් රාශි­ය­කට සිය පිළිබා ගුණ­යෙන් මනෝ­රම්‍ය සංගීත නිර්මාණ කළේ පෙරළා කිසි­වක් අපේක්ෂා නොක­ර­මිනි.

අම්පාර උහන පාසලේ රජයේ පත්වීම් ලද සනත් සංගීත උප­දේ­ශ­ක­යකු විය. පසුව රජයේ ලලිත කලා­ය­ත­නයේ කථි­කා­චාර්ය ධුර­ය­කට පත් ඔහු පසු­කා­ලී­නව බිහිවූ සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය හා ප්‍රථම සංගීත පීඨා­ධි­ප­ති­ව­රයා ලෙස අන­ලස් අනල්ප වැඩ කොට­සක් ඉටු කළේ උසස් සංගීත රස­ඥා­න­යක් තම සිසු­න්ටත් රට­වැසි සුළ­ව­තු­න්ටත් දායාද කර­මිනි.

වේදිකා නාට්‍ය, ගීත නාටක, චිත්‍ර­පට, ටෙලි­නාට්‍ය වැනි සෑම ක්ෂේත්‍ර­ය­කට ප්‍රතිභා සම්පන්න වික්‍ර­මා­න්විත තනු හා සංගීත නිර්මාණ කර­මින් ගායනා ඉදි­රි­පත් කළ සංවේදී සහා­නු­භූ­ති­යෙන් යුත් සැබෑ මිනි­සකු වූ සනත් අපට අහිමි වීම ඉම­හත් කන­ගා­ටු­වට කරු­ණකි.

සනත් නන්ද­සිරි කවර වූ හෝ ඡන්දස් වෘත්ත අලං­කාර පාදක කොට ගත් අපේ සිංහල කවි - ජන­කවි - සන්දේශ කවි ගාය­න­යෙහි සම­තෙකි. එමෙන්ම කවි­තාව මැනැ­වින් පිහිටා තිබූ ඔහු කවි පබැ­ඳී­මට ද නිපු­ණ­යෙකි. ලිපි සිය­ග­ණ­නක් පුව­ත්පත් සඟ­රා­ව­ලට ලියූ ඔහු තනුව, සංගී­තාභි නන්දන, භාරත ජීවි­තයේ චම­ත්කා­රය වැනි රස­වත් හර­වත් නිර්මාණ කෘති හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කරන්ට තම කාලය වෙන්කැර ගත්තේ ගුණ මසුරු නොවෙ­මිනි. බාල­වියේ සිට ශාස්ත්‍රීය ගායන වාදන සව­න්දී­මට සවන් පුරුදු පුහුණු කළ සනත් ඉන්දි­යාවේ දී උත්තර භාරතී‍ය රාග­ධාරී සංගී­තය මැන­වින් සාධ­නය කළේය.

එම දැනු­මත්, අව­බෝ­ධ­යත්, ජන සංගීත ආභා­ස­යත්, ඉන්දි­යානු සත්‍ය­සායි හා රාම්භ­ජන් ගීත සංගීත ආභා­ස­යත්, හින්දි චිත්‍ර­පට සංගීත ආභා­ස­යත්, බට­හිර සංගීත ධාරා­ව­න්ගෙන් කිසි­යම් පෝෂ­ණ­යක් ද ලැබී­මෙන් නිතර සුභා­විත - පවිත්‍ර සංගී­තය ඇසී­මෙන් ද, ධාර­ණය කර ගැනී­මෙන් ද තම තනු හා සංගීත නිර්මා­ණ­ය­න්ටත් ගාය­න­ය­ටත් ඉම­හත් පිටි­බ­ල­යක් ලැබූ බව ප්‍රකට කරු­ණකි. තම දිය­ණිය වූ අනු­රා­ධා­ටත් දස දෙසින් ඔහු හමු­වට පැමිණි කවර සිසු සිසු­වි­ය­කට වුවත් ඉගැ­න්වූයේ ගුරු මුෂ්ටි නොස­ඟවා එක ම පොදු ආකා­ර­ය­කට ය. කුල, වංස, ගෝත්‍ර, ජාති ආගම් භේද නොතකා පොදු මනුෂ්‍ය හැඟී­ම­කින් නිතර ක්‍රියා කළ හෙතෙම උදාර ගුණ නුව­ණින් හැසි­රුණු මහ­ත්ම­යෙකි. සනත් විසින් ගයන ලද බොහෝ ගීත පැරණි රසි­ක­යන් වහා ඇඳ බැඳ ගත් ගුණෙන් රස­යෙන් යුතු විය. ඉන් නිද­සු­නක් දෙකක් සිහි­පත් කිරීම අග­නේය.

මගේ රටට දළදා හිමි සර­ණයි 
ඈත එපිට ගම්මා­නෙන් නැඟ එන 
නවා­තැ­නින් ඇය යනවා 
වරම් ලබා සර­ස­වි­යට 
සැන්දෑ කළු­වර ගලා හැලෙන විට 
සෙනෙ­හස දැල්වුණු නිවෙස සොයා එමි 
සිනා නඟන්නි ලැසි ලැසි 
ගම­නින් යන්නී 
(සුනිල් සරත් පෙරේරා)

කොහෝ කොහෝ
(සුජාතා අත්ත­නා­යක)
නිර්වාණ ස්වර්ණ ද්වාර­යෙන්
පෙමා­තුර හැඟුම්
ආදර සැම­රුම් කැටි­වුණ
දේ දුන්නෙන් එන සම­න­ලුනේ
ජග­දා­න­න්දන මහා කාරු­ණික
(අජන්තා රණ­සිංහ)
එක යායට මල් පීදුණු බිම් තීරේ
චේතනා පරි­ශුද්ධ වූවත්
සීත රෑ යාමේ අඳුරේ
සීත රෑ වසන්තේ
(සුනිල් ආරි­ය­රත්න)
දඟ­කාර ඔය දෑස‍
හිච්චි නඟේ
ගමේ ලඳුනි
(සුනිල් ගුණ­ව­ර්ධන)
මේ ප්‍රථම වස­න්ත­යයි
(කුල­රත්න ආරි­ය­වංස)
ගීතා - දයා­බර ගීතා
දූ අනු­රාධා
(බුද්ධ­දාස ගල­ප්පත්ති)
අනන්ත වූ දෙරණ සරා
මේ නිහඬ නිල් තලය
(සුග­ත­පාල සෙන­රත් යාපා)
ඉරා අඳු­රු­පට පෙර­දිග අහසේ
(චන්ද්‍ර­සිරි පල්ලි­ය­ගුරු)
බෝම­ළුවේ මල් සුව­ඳක පැටලි
සුදු බිත්ති හැඩ කෙරූ
(ප්‍රියා­නන්ද විජේ­සු­න්දර)
සුවඳ පිරුණු පුංචි කාමරේ
(ධර්ම­රත්න පෙරේරා)
මා හද අස­පුව
ලස්සන නම් නෑ පෙනෙන්නේ
සඳ බලන්න බෑ
ආයා­ච­නා­ත්මක බැල්මෙන්
(කරු­ණා­රත්න අබේ­සේ­කර)
සිහින තොටු­පළේ
(ප්‍රේම­කු­මාර ජය­ව­ර්ධන)
වාසනා වේවා
වික­සිත වත කමලේ
(කැමි­ලස් පෙරේරා)


සනත් විසින් ගයනා ලද හා තනු නිර්මා­ණය කළ ගීත හා වැඩ­ස­ට­හන් පිළි­බඳ කලක් තිස්සේ මවි­සින් එකතු කළ සාධක අනුව දහස් ගණන් තොර­තුරු එක­තු­වක් පවතී. යාපා බණ්ඩාර සෙනෙ­වි­රත්න සනත් නන්ද­සිරි අප­දා­න­යක් පළ කළේය. සුළ­වත් පහන් සර සනත් නන්ද­සිරි කාර්ය සඵ­ල්‍ය­තාව ගැන ශාස්ත්‍රීය හා සමරු සට­හන් කෘති­යක් ද පළ කිරී­මට එද­වස 1997 දී අපට හැකි විය.
මෙලො­වට පැමිණ ආවාට වඩා ලෝක­යට සේව­යක් කර නික්මී මර­ණ­යට යන්නේ නම් ඒ අම­ර­ණීය පුද්ග­ලයෝ ය.

සනත් නන්ද­සිරි එබඳු අග්‍ර­ගණ්‍ය මනු­ෂ්‍ය­යෙකි.
කලා­වේ­දි­යෙකි.

මහා­චාර්ය ප්‍රණීත් අබේ­සු­න්දර

Comments