මාස 2ට පරිගණක අපරාධ 677ක් | සිළුමිණ

මාස 2ට පරිගණක අපරාධ 677ක්

මේ වසරේ පළමු මාස දෙක තුළ පමණක් පරිගණක අපරාධ පැමිණිලි 677ක් ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 27කි. විදේශිකයන්ද ඒ අතර වූ බව පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය.

වසර 2022 දී අන්තර්ජාල අපරාධ පැමිණිලි 3,400ක් ලැබී ඇති අතර විදේශිකයන් 25 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 263ක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ඉන් 14ක් නයිජීරියානු ජාතිකයන්ය.

එමෙන්ම ක්ෂණික ණය මුදල් ලබාදෙන මුවාවෙන් බැංකු ගිණුම් තොරතුරු සහ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ලබාගෙන ගිණුම්වල ඇති මුදල් වංචා කර තිබේ.

Comments