ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියන 10ක් | සිළුමිණ

ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියන 10ක්

උත්සව සමය ඉලක්ක කරගෙන ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියන 10ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කටයුතු කරගෙන යයි. ඉන්දියාවෙන් දැනටමත් ආනයනය කර ඇති බිත්තර මිලියන දෙක හෝටල් සහ බේකරි වෙත බෙදා හැරීම දැන් සිදු කරගෙන යන බවද එම බිත්තරයක මිල රුපියල් 35ක් පමණක් බව සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සිළුමිණට කියා සිටියේය

එමෙන්ම පශූ වෛද්‍ය පර්යේෂණ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට එම බිත්තර යොමු කිරීමෙන් අනතුරුව සහතික ලබා ගත් බවද එබැවින් ආනයනය කළ බිත්තර සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බවද හෙතෙම අවධාරණය කෙළේය. මේ අතර වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ බිත්තර හිඟයක් පවතින අවස්ථාවකදී එම හිඟය පියවීමට ඉදිරියේදීත් කටයුතු කරන බවයි.

Comments