සනත් නිශාන්ත එරෙහිව පෙත්සම් විභාගයට දින නියම වෙයි | සිළුමිණ

සනත් නිශාන්ත එරෙහිව පෙත්සම් විභාගයට දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අද (27) අභියාචනාධිකරණය දින නියම කර තිබෙයි.
 
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පෙත්සම් තුන ගොනු කර තිබිණි.
 
එම පැමිණිලි අද (28) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම දින නියම කිරීම සිදු කර ඇත
 
මෙම  අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි තිබෙයි
 
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පෙත්සම් 3 ඉදිරිපත් කර තිබේ.

Comments