
මොරටුවේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ මැණික්කටුව ආසන්නයෙන් දෑත් කපා රැගෙන යාමේ සිද්ධියේ ප්රධාන සැකකරු සහ ඔහුට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙයි
ඒ සැකකරුවන් ඊයේ(26) මොරටුව මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සිද්ධියේ ප්රධාන සැකකරු පසුගිය 24 වනදා නීතීඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්රාත් අධිකරණයට භාරවීමෙන් පසුව පැය 48 ක රැඳවුම් නියෝග මත මොහුගෙන් ප්රශ්න කෙරිණී
මෙම සිද්ධියට යොදාගත් කඩුව එගොඩඋයන, මෝසස් පාරේ වෙරළ තීරයේ ගල්පර අතර සඟවා තිබියදී ඊයේ සොයාගෙන ගැණුනි.
කපා වෙන් කළ දෑත් මහුදුදට විසි කළ බව අදාළ සැකකරු මේ වන විට පවසා තිබෙයි