
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හෝමාගම - පිටිපන මංසන්ධියේ ඉදි කෙරෙන අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව සඳහා පසුගියදා මුල්ගල තබන ලදි.
ඇමැති අචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයකට අනුව ඉදි කෙෙරන මෙම බුද්ධ ප්‍රතිමාවේ උස අඩි තිහකි.
බුද්ධ ප්‍රතිමාවේ මුල්ගල තැබීමේ අවස්ථාවට හෝමාගම ශ්‍රී සුගත බිම්බාරාම විහාරය, හෝමාගම පුරාණ විහාරය, පිටිපන උත්තරාරාම විහාරය යන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.