වර්තමානය වන විට රටේ උද්ධමනය සියයට 50ක් දක්වා අඩු කර ගැන්මට හැකි වී ඇති බවත් මේ වසර අවසන් වන විට එය 5%ක් දක්වා අඩු කිරීමේ මහ බැංකුවේ ඉලක්කය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
සියයට 70ක් ලෙස තිබූ උද්ධමනය සියයට 50 දක්වා අඩු කර ගැන්මට හැකි වීම අනුව එය අසීරු ඉලක්කයක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි. අපනයන ආදායම කළමනාකරණය කර ඉන්ධන ඖෂධ, ගෑස් වැනි ජනතා මූලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම මූලික අරමුණ විය යුතු බව ද ඔහු අවධාරණය කරයි. එමෙන්ම බැංකු පද්ධතියට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම ප්‍රධාන අරමුණ බවත් ඒ හරහා සහන පොලී යටතේ ණය ලබා ගැනීමට පහසුකම් සැලසීමට කටයුතු කළ හැකි බවත් මහ බංකු අධිපතිවරයා කීවේය.