ශ්‍රී ලංකා විදේශ ඇමති බිම්ස්ටෙක් විදේශ අමාත්‍ය සමුළුව අමතයි | සිළුමිණ

ශ්‍රී ලංකා විදේශ ඇමති බිම්ස්ටෙක් විදේශ අමාත්‍ය සමුළුව අමතයි

ගෝලීය ආර්ථික වර්ධන ගමන් පථය ආසියාව දෙසට යොමුව ඇති බැවින්, ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා බිම්ස්ටෙක් රටවල වෙළඳ හා ආයෝජන සංරචකය යළි පුබුදුවාළිය යුතු බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. 
 
සූම් ඔස්සේ පැවති 19 වැනි බහු – ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් BIMSTEC සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
එහිදී පිරිස ඇමතූ අමාත්‍ය අලි සබ්රි මහතා එක් එක් රටවල සංසන්දනාත්මක ප‍්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර් කලාපීය වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා සහයෝගිතා ප‍්‍රයත්න ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු දැක්වීය. 

Comments