
යාපනයේ පාසල් ශිෂ්‍යයෙකු සිය පොත් බෑගය කරේ තිබියදීම ලණුවක ආධාරයෙන් නුග ගසක එල්ලී ඊයේ (06 ) සියදිවි හානි කරගෙන තිබේ.
යාපනය අල්ලම්පිඩ්ඩි පාරේ පිහිටි විශාල නුග ගසේ පාසල් ශිෂ්‍යයා එල්ලී සිටිනු දුටු පිරිසක් ඒ බව පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ ශිෂ්‍යයගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය ඕල්ඩ් පාක් වීදි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙල්ටන් අරුන් සංජීවන් නැමති අයෙකි.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.