
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 1.30ට එම පක්ෂනායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවද සඳහන් වෙයි
මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.