අම්බලන්ගොඩ වෙඩි තැබීමක් - යතුරුපැදි කරුවෙක් මරුට | සිළුමිණ

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් - යතුරුපැදි කරුවෙක් මරුට

අම්බලන්ගොඩ පොලිස් වසමේ රොන්නදූව, කුලීගොඩ ප්‍රදේශයේ කිඩෙල් පෙර පාසල ඉදිරිපිට මීටියාගොඩ කුලීගොඩ මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක් වෙඩි තබා අද (28) උදෑසන 9.00 ට පමණ ඝාතනය කර ඇත.
 
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙයි
 
 මෙම වෙඩි තැබීම සදහා T56 වර්ගයේ ගිණි අවියක් භාවිතා කර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
 
මෙලෙස වෙඩි වැදී මිය ගොස් ඇත්තේ නාමල් සුදත්සිරි නම් අම්බලන්ගොඩ පදිංචි කරුවෙකි.
 
වෙඩි වැදුණු මෙම පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි 
 

Comments