නව ත්‍රස්ත විරෝධි පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දේශපාලන අවශ්‍යතා මත හෝ ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයාගේ නියෝගය මත පොලිසියට රඳවා තබා ගැනීමට ඇති අයිතිය අහෝසි වන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයේ පූර්ණ අධීක්ෂණයට ලක්වන බැවින් පොලිසියකට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට නව පනත යටතේ නීතිය අපයෝජනයට ලක් කිරීමට හෝ සැකකරුවන්ගේ මූලික අයිතීන් කඩ කිරීමට නොහැකි වෙයි.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ පාපොච්චාරණ පිළිගෙන ඒ මත අධිකරණ තීන්දු ලබාදීමේ හැකියාව ලැබෙන නමුත්, නව පනත යටතේ පාපොච්චාරණ මත පදනම්ව තීන්දු ලබාදීමේ ක්‍රියාවලියද සංශෝධනයට ලක්කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.