ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 13ක් හඳුනා ගැනේ | Page 2 | සිළුමිණ

ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 13ක් හඳුනා ගැනේ

ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 13ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇත 
 
ඒ අනුව පසුගිය සතියේ පමණක් ඩෙංගු ආසාදිතයන් 1,672ක් වාර්තා වූ බවත්, මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 11,709 ක් වාර්තා වී ඇති බවත්, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි. 
 
පසුගිය සතියේ වාර්තා වූ ඩෙංගු ආසාදිතයන්ගෙන් අඩක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් 364ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 335ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 111ක් වශයෙන් බස්නාහිර පළාතෙන් 810ක් වාර්තා වී තිබෙයි.
 
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළුව රට පුරා දිස්ත්‍රික්කයන්හි ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 48ක් හඳුනාගෙන ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි
 
කිසියම් පුද්ගලයකුට පැය 24ක් උණ පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර, සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි
 
පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු වේදනා නාශක ඖෂධයක් උණට භාවිත නොකළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. 

Comments