තැපැල් ඡන්ද අයඳුම්පත් 36,000 ක් ප්‍රතික්ෂේප වෙයි | Page 2 | සිළුමිණ

තැපැල් ඡන්ද අයඳුම්පත් 36,000 ක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් 36,000 ක් පමණ අවලංගු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 
 
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව තහවුරු කළේය. 
 
ඔහු පැවසුවේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නියම කළ පෙබරවාරි 22, 23 සහ 24 දිනවලදී ඡන්දය සලකුණු කිරීමට සුදානම් කර ඇති බවයි. 
 
එම දින තුන තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයන්ට පෙබරවාරි 28 වැනිදා අදාළ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීවරයා ඉදිරියේ ඡන්දය සලකුණු කළ හැකි බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.  

Comments