
සුමති සම්මාන උලෙළේ වසර 2020 සහ 2021 දෙවසර සඳහා සම්මාන 33ක් හිමි කර ගනිමින් උලෙළේ වැඩිම සම්මාන ගණනක් හිමිකර ගැනීමට ස්වාධීන රූපවාහිනී සේවය (ITN ) සමත් විය. එම දෙවසර තුළ හොඳම ටෙලිනාට්‍ය සඳහා සහ හොඳම ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය සම්මානය ද ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ටෙලිනාට්‍ය වෙනුවෙන් හිමිවීම මෙහි විශේෂත්වයකි.
සුමති සම්මාන උලෙළ බත්තරමුල්ලේදී පැවැතියේ ශ්‍රී ලංකාවේ කොරියා තානාපති සන්තුෂ් වුන් ජින් ජියෝන්ග්ගේ ප්‍රධානත්වයෙනි. ජීවිතයේ එක්වරක් පමණක පිදෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල සම්මානය මෙවර හිමිවූයේ රංගනශිල්පී සනත් ගුණතිලකට හා ගායන ශිල්පී ඉන්ද්‍රාණි පෙරේරාටය. සුමති සම්මාන නිර්මාතෘ තිලංග සුමතිපාල ඇතුළු කලාකරුවන් රැසක් මෙයට එක්ව සිටියහ.
ස්වාධීන රූපවාහිනිය විසින් හිමිකරගත් සියලු සම්මාන පිළිබඳ සවිස්තරාත්මක විස්තර 26 පිටුවේ පළ වේ.