ලෝක මෙතෝ­දිස්ත සභාවේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකා­වට | Page 5 | සිළුමිණ

ලෝක මෙතෝ­දිස්ත සභාවේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකා­වට

සාමය යුක්තිය හා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව නිර්මාණශීලී භාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත සභාව පිරිනමන ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගය මෙවර (2022) හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ රදගුරු එබනේසර් ජෝශප් හිමිපාණන්ට ය.

ජාතික ආගමික හා වාර්ගික සංහිඳියාව හා අන්නෝන්‍ය සාමය වෙනුවෙන් කැප වූ විශිෂ්ට පුද්ගලයන්ට මෙන්ම නෙල්සන් මැන්ඩලා, ජිමි කාටර්, මිකායිල් ගොර්බොචොව් වැනි මහා පුරුෂයන්ට ද මෙම මෙතෝදිස්ත සාම ත්‍යාගය පිරිනමා ඇත. එබනේසර් ජෝශප් රදගුරුතුමන් ආසියානු කලාපයේ එම ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථමයා වේ.

නුවරඑළිය කඳපොළ උපන් එබනේසර් ජෝශප් රදගුරුතුමන් කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව තමිල්නාඩුවේ තියෝලොජිකල් සෙමනේරියේ දී සිය උසස් අධ්‍යාපනය ආරම්භ කර විශ්වවිද්‍යාල කිහිපයකින්ම උපාධි ලබා ඇත.

1980 මෙතෝදිස්ත දේවගැතිවරයෙකු වශයෙන් සිය පූජක දිවිය ඇරඹු උන් වහන්සේ සිය කටයුතු ආරම්භ කළේ කොළඹ වේල්ල වීදියේ පිහිටි City mission දේවස්ථාන යෙනි. කොළඹ නාගරික මුඩුක්කු පැල්පත් ජනතාව හා කොළඹ නගරයේ නාට්ටාමි ප්‍රජාව සමඟ ඉතා සමීපව කටයුතු කළ උන්වහන්සේ 83 ජූලි කලබලවල දී නගරයේ දමිළ ජනතාව ආරක්ෂා කිරීමේ දී විශාල මෙහෙයක් ඉටු කර ඇත.

රදගුරු එබනේසර් ජෝශප් හිමිපාණන්ට හිමි වු මෙම සාම තිළිණය පිළිගැන්වීමේ උත්සවය පෙබරවාරි 18 වන සෙනසුරාදා පස්වරු පහට කොළඹ වෙස්ලි විද්‍යාලයේදී ලෝක මෙතෝදිස්ත සභාවේ සභාපති (කොරියාවේ ) බිෂොප් කේ.ජේ.පාරක් (K.J.Park) හිමිපාණන් ගේ සහ එහි මහලේකම් අයිවන් ඒබ්‍රහම් බිෂොප්තුමන්ගේ (ද.අප්‍රිකාව) ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 

Comments