චීන සංචාරක ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් | සිළුමිණ

චීන සංචාරක ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

පෙබරවාරි 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චීන සංචාරකයන් සංචාරය කළ යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
 
ශ්‍රී ලංකාවට අමතරව චීන රජය මඟින් සංචාර සඳහා ඇතුළත් කළ රටවල් ලැයිස්තුගත කර ඇති අතර, තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මාලදිවයින, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, ලාඕසය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, රුසියාව, ස්විට්සර්ලන්තය, හංගේරියාව, නවසීලන්තය, ෆීජි, කියුබාව සහ ආර්ජන්ටිනාව ද ඒ අතර වෙයි. 
 
සීමිත රටවල් සංඛ්‍යාවක් පමණක් මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබීම ශ්‍රී ලංකා - චීන සමීප මිතුදම පිළිඹිබු කරන්නක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එවැන්නකට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බවද කියා සිටී.
 

Comments