ලංකා බැංකුවේ සභා­පති ජනා­ධි­පති නීතීඥ රොනල්ඩ් වැඩ අර­ඹයි | සිළුමිණ

ලංකා බැංකුවේ සභා­පති ජනා­ධි­පති නීතීඥ රොනල්ඩ් වැඩ අර­ඹයි

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා පත් කර ඇත. ඔහු ජනවාරි 20 වැනි දින ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාර ගන්නා ලදී. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් LLB උපාධිය ලබා ඇති අතර, එක්සත් රාජධානියේ නොදුම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ LLB උපාධිය ද ලබා ඇත. 2012 වසරේදී ජනාධිපති නීතිඥවරයකු ලෙස පත් වූ හෙතෙම මීට පෙර අවස්ථා කිහිපයකදීම ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

 

Comments