උසස් පෙළ පැවැත්වෙන දින 14 තුළ අඛණ්ඩව විදුලිය | සිළුමිණ

උසස් පෙළ පැවැත්වෙන දින 14 තුළ අඛණ්ඩව විදුලිය

අධ්‍යාපන අමාත්‍යංශය විසින් උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 14ක කාල සීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඒ අනූව කෙසේ හෝ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී දරුවන්ට අඛණ්ඩව විදුලිය ලබාදීමට කයුතු කරන බව බලශක්ති අමාත්‍යවරයා පැවසූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
 
දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ යහපත පිණිස එය කළ යුතුම කාර්යයක් බවද ඒ සඳහා විදුලිය නොකපා අතිරේකව දින 14 යාම සඳහා බිලියන 05ක් අවශ්‍ය බවද බලශක්ති අමාත්‍යවරයා දැනුම්දුන් බව කියාසිටියේය.
 
ඒ සඳහා දිනකට මිලියන 357ක් බැගින් දින 14කට විදුලිය සැපයීමට සොයා ගැනීමට අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Comments