ජල බිල්පත ගෙවන්න පහසු ක්‍රමයක් | Page 15 | සිළුමිණ

ජල බිල්පත ගෙවන්න පහසු ක්‍රමයක්

ජල බිල්පත් බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ නව වැඩ පිළිවෙළක් හඳුන්වාදිමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
 
ඒ අනූව එහි නියමු ව්‍යාපෘතිය හෙට (17) යාපනය දිස්ත්‍රිකයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරි පියල් පද්මනාත මහතා පැවසීය.
 
මෙහිදී ජංගම යෙදවුමක් හරහා බිල්පතට අදාළ රිසිට්පතක් පාරිභෝගිකයින්ට ලබාදෙන අතර බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව හිමිවේ.
 
මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

Comments