INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක යාන් කුනිග් | Page 3 | සිළුමිණ

INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක යාන් කුනිග්

මෙරට ප්‍රමුඛ පෙළේ සිමෙන්ති සමාගමක් මෙන්ම තායිලන්තයේ Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයකු වන INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස යාන් කුනිග් පත්කර ඇත. 2017 වසරේදී විධායක උපසභාපති ලෙස INSEE Cement Sri Lanka සමාගමට එක්වූ යාන් කුනිග්, එහි වාණිජ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින්, අලෙවි, විකුණුම්, නිෂ්පාදන හා විසඳුම්, නවෝත්පාදන සහ බාහිර කටයුතු සම්බන්ධ වගකීම් දැරීය. මීට පෙර Holcim සමූහ ව්‍යාපාරයේ ද තනතුරුරැසක් දරා ඇති හෙතෙම අ‌ෙමරිකා එක්සත් ජනපදයේ Western Illinois විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිධාරියකු සහ ජර්මනියේ Bamberg විශ්වවිද්‍යාලයේ යුරෝපීය ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ ඩිප්ලෝමාධාරියෙකි.

Comments