නමින් හෙළි වන ඔබේ චරිතය | Page 2 | සිළුමිණ

නමින් හෙළි වන ඔබේ චරිතය

- කාලයට ගැළපෙන ලෙස ජීවිතය හැඩගස්වා ගැනීම විශේෂ දක්ෂතාවක්
- සැබෑ ආදරවන්තයන් වන ඔබ සංවේදී පුද්ගලයෙක්

බගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය අංක 9 නම් ඔබ සමාජ සේවයට සහ මිනිසුන්ට උදවු උපකාර කිරීමට ඉතා කැමති පුද්ගලයකු වන අතර ඒ තුළින් මානසික සතුටක් ද ලබයි. විවිධ තරාතිරම්වලට අයත් නොයෙක් ආකාරයේ මිනිසුන් ඇසුරු කිරීමට ඔබට ලැබෙන අතර, ඕනෑම කෙනෙක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ද ඔබට ඇත.

ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී ඉතා අවංකව කටයුතු කරන ඔබ විවෘත හදවතකින් යුක්ත පුද්ගලයෙකි. එහෙත් දැඩි සංවේදී බව ඔබේ දුර්වලතාවක් බව මතක තබා ගත යුතුය.

අන් අයගේ අවධානය සහ සිත් ඇද බැඳ තබා ගැනීමේ ආකර්ෂණීය ගතියක් ඔබ තුළ පිහිටා ඇත. සාහිත්‍යය, කලාව, සංගීතය වැනි දෑවලට ඔබ වඩාත් ඇලුම් කරන අතර නිතරම විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට උත්සාහ දරයි. කාලයට ගැළපෙන ආකාරයට හැඩ ගැසීම ඔබගේ ස්වභාවයයි. ඒ අනුව තම කටයුතු සැලසුම් කරගෙන සාර්ථකත්වය උදා කර ගැනීමට සමත් වෙයි. නිරතුරුවම පොදු සමාජයේ සමස්ත යහපත ප්‍රාර්ථනා කරන්නෙකි. තමන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ හොඳ දැක්මකින් යුතුව කටයුතු කරයි. මේ අංක හිමියන් වෘත්තිමය වශයෙන් බොහෝ විට ගුරු වෘත්තිය, දේශපාලනය, නීතිය, ආදි ක්ෂේත්‍ර තුළ වැඩි වශයෙන් දැකිය හැකිය.

යහපත් මානුෂීය ගති ලක්ෂණවලින් පිරිපුන් සමාජශීලී පුද්ගලයකු වන ඔබ සමාජයට රටට වැඩදායක පුද්ගලයෙක් ලෙස නිතරම තම යුතුකම් හඳුනා ගනිමින් කටයුතු කිරීමට උත්සාහ කරයි. නීතිගරුක පුද්ගලයන් වන මොවුන් අයුක්තියට අසාධාරණයට විරුද්ධ වෙයි.

ජීවිතය හැකි උපරිමයෙන් නිවැරදිව ගත කිරීමට උත්සාහ කිරීම ඔවුන්ගේ සිරිතයි. අධ්‍යාත්මික ගති ලක්ෂණවලින් ද යුක්ත වන මොවුන් ආගම ධර්මය කෙරෙහි ද ලැදියාවක් දක්වයි.

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, පාඨශාලාචාර්ය 
ඉසිවර සහන 
ජ්‍යොතිෂ්‍යය සේවය

Comments