නාම අංක 8 හිමි ඔබ ගැනයි මේ | සිළුමිණ

නාම අංක 8 හිමි ඔබ ගැනයි මේ

බේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් සියල්ල තනි අංකයක් ලැබෙන තුරු එකතු කළ පසු අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි. ඒ අනුව ඔබේ ප්‍රකාශන අංකය හෙවත් නාම අංකය, අංක 8 නම් මේ එයින් හෙළි වෙන ඔබේ චරිත ලක්ෂණයි.

ජීවිතයට කුමන ප්‍රශ්න ආවත් ඒ සියලුම ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය පිළිබඳ ඔබට සහජ දැනුමක් ඇත. ගැටලුවකට මුහුණ දිය යුත්තේ කෙසේ දැයි නිරායාසයෙන්ම ඔබට වැටහේ. තම ආධිපත්‍යය පැතිරීමටත් මුදල් හම්බ කිරීමටත් උපන් දක්ෂතා ඔබට ඇත. සමාජය තුළ ඔබ කැපීපෙනෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. එමෙන්ම කාටත් අවශ්‍ය කරන පුද්ගලයකු බවට ඔබ නිරායාසයෙන්ම පත් වෙයි. ඔබට යම් දෙයක් දුටු සැණින් කිරීමේ හැකියාවක් පවතින අතර අන් අයගෙන් වැඩ ගැනීමට ද ඔබ සමත්කමක් දක්වයි. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ද ඔබට ඉතා හොඳ දක්ෂකමක් ඇත. ජීවිතයේ ජයග්‍රහණය මෙන්ම පරාජය ද නිරන්තරයෙන් ඔබට උරුම වෙයි. එහෙත් ලැබූ අත්දැකීම්වලින් පාඩමක් ඉගෙන ගෙන එය අනාගත ජයග්‍රහණයට ඔබ යොදා ගනී. යම් ප්‍රශ්නයක් ඇති වූ විට එයට හේතුව සොයා ප්‍රතිකර්ම යෙදීම ඔබේ සිරිතයි. ලෞකික ජීවිතය හා අාධ්‍යාත්මික ජීවිතය යන දෙකම සමබරව ගෙන යෑමට ඔබ සමත් වෙයි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව යන දෙකම හොඳින් තේරුම් ගෙන යා යුතු මඟ තීරණය කිරීමට ඔබ ඉතා දක්ෂයි.

මේ නාම අංක හිමියෝ බොහෝ විට මද්‍යසාරවලට ඇබ්බැහි වීමේ වැඩි ඉඩක් පවතින බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. නාම අංක 8 හිමියන් අතර කළමනාකරුවන්, සංවිධායකයන්, නිෂ්පාදකයන්, රහස් පොලිස් නිලධාරීන්, ඉංජිනේරුවන් වැනි විවිධ උසස් නිලතල හොබවන අය දක්නට ලැබෙයි.

ඔබ ඕනෑම ඉලක්කයක් ජය ගත හැකි ශක්තියකින් යුතු අයෙකි. ඔබට යම් ව්‍යාපාරයක් හෝ පටන් ගත් දෙයක් ඉතා හොඳින් සාර්ථකව නිමා කිරීමේ හැකියාව පවතී. යම් දෙයක් පටන් ගත් විට එය සාර්ථකව අවසන් කරන තුරු ඔබට ඉස්පාසුවක් නැත. ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව ඔබට පවතී. එමෙන්ම ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන සැලසුම් ඔබ සතුව පවතී. ක්ෂණික කෝපය ඔබගේ එක් දුර්වලතාවක් ලෙස හඳුනා ගැනීමට හැකි වෙයි. කෙසේ වෙතත් මෙම නාම අංක හිමියෝ ජීවිතයේ හොඳ සාර්ථකත්වයක් ළඟා කර ගනු දැකිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක
පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

Comments