
මේෂ - ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 10,11,12 සහ ලග්නය මතිනි. රැකි රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන ලැබුණද ඇවිදිලි වැඩ යෙදෙයි. බලාපොරොත්තු වූ මෙන්ම නොවූ මුදලක් ද ලැබිය හැකිය. ගෘහ ජීවිතයේ මතභේදවලට ඉඩ ඇති අතර නිෂ්ඵල වියදම් ද යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබයි. පා ඇඟිලි තුවාල වීම්, ලේ දෝෂ, සෙම් රෝග මතුවිය හැකිය. අපල අවම වීමට උදෑසන මෝර පිරිත කියන්න.
•සුබ අංකය 7, සුබ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා
වෘෂභ - අතමිට මුදල් ගැවසේ
සඳු ගමන් ගන්නේ 9,10,11,12 වැන්න මතිනි. ගෘහ ජීවිතය සාමකාමීව ගෙවන අතර රැකියා ව්‍යාපාර අංශවලින් ප්‍රයෝජන අත්වේ. ණයට ගත් මුදලක් ආපසු ලැබීමට හෝ වෙනත් ලාභයක් හිමි වේ. සතිය අවසානයේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වේ. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලින් සුබපල ඇත. පාදවල වේදනා, සෙම් රෝග හට ගනී. අපල අඩු කර ගැනීමට කුරුල්ලන්ට කෑම දමන්න.
•සුබ අංකය 06, සුබ වර්ණ ක්‍රීම්, සුදු, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා
මිථුන - අතමිට සරු වෙයි
සඳු ගමන් කරන්නේ 8,9,10,11 යන භාවයන් හරහාය. ආරම්භය ගැටලු සහගත වන අතර දුක්ඛදායක කටයුතු අසන්නට ලැබෙයි. සතිය මැද කොටසේදී පුණ්‍ය කටයුතුවලට සහභාගී වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහයෝගය දෙමින් ගත කිරීමට යෙදේ. ආර්ථිකය ශක්තිමත් වන අතර මිල මුදල් ප්‍රමාණවත් තරමට ලැබේ. පාදවල වේදනා, අජීර්ණ සෙම් රෝග හටගත හැකිය.
•සුබ අංකය 5, සුබ වර්ණ කොළ සහ කහ, සුබ දවස සිකුරාදා
කටක - චිත්ත ශක්තිය ඉහළට
සඳු ගමන් කරන්නේ 7,8,9 සහ 10 වැන්න හරහාය. චිත්ත ශක්තිය යොදවා වැඩ කටයුතු කරයි. ඇවිදිලි වැඩි වේ. පුණ්‍ය කටයුතුවලට සහභාගී වන්නට ලැබේ. ආර්ථිකය එදිනෙදා වියදම් පිරිමසා ගැනීමට පමණි. දුක්ඛදායක පුවත් ද අසන්නට ලැබේ. අසනීප අපල පවතින බැවින් ජලජ ජීවින්ට (වෙල් මාළුන්ට) ආහාර දෙන්න.
•සුබ අංකය 2 සහ 7, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා සහ අඟහරුවාදා
සිංහ - ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 6,7,8,9 වැන්න හරහාය. ආරම්භය සුබ නොවේ. අසනීප සහ කරදර අසන්නට ලැබේ. ව්‍යාපාර, රැකියා කටයුතුවලින් තරමක් සුබපල ඇත. පුණ්‍ය කටයුතුවලට සහභාගි වන්නට ලැබේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් දක්නට ලැබෙයි. කලවාවල වේදනා, සෙම් රෝග ඇති විය හැකිය. අපල අවම වීමට සුරිය පිරිත කියන්න.
•සුබ අංකය 1 සහ 4, සුබ වර්ණය රතු, සුබ දවස් ඉරිදා සහ අඟහරුවාදා
කන්‍යා - අධ්‍යාපන කටයුතුවලින් ජය
සඳු ගමන් ගත්තේ 5,6,7,8 වැන්න මතිනි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. රැකියා සහ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. හිතවතුන්ගේ ලෙඩ දුක්, චිත්ත පීඩා වෙනුවෙන් උදවු වන්නට සිදු වෙයි. අපල අවම කර ගැනීමට කොහොඹ පැළයකට වතුර දමන්න.
•සුබ අංක 5 සහ 7, සුබ වර්ණය කොළ, සුබ දවස් බදාදා සහ සිකුරාදා
තුලා - යහපත් සතියක්
සඳු ගමන් ගන්නේ 4,5,6 සහ 7 වැන්න මතිනි. ගෙදරදොර පිරිසිදු කිරීමට වැඩි කාලයක් ගත කරයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වැඩි දියුණු වෙයි. රැකියා සහ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන සහිතයි. සතුරු කරදර, අසනීප ගති මතු කරයි. අපල අවම කර ගැනීමට සිකුරාදා දවස මල් පහන් පුදා රතන සුත්‍රය කියන්න.
•සුබ අංකය 6, සුබ වර්ණය සුදු සහ ක්‍රීම්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා
වෘශ්චික - සහෝදරයන්ගෙන් උපකාර
සඳු ගමන් ගන්නේ 3,4,5 සහ 6 වැන්න මතිනි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වැඩි දියුණු වේ. සහෝදරයන්ගෙන් උපකාර හිමිවේ. පදිංචි ස්ථානයේ සුබ සිද්ධිය ඇතිවේ. නෑදෑ හිත මිතුරන් පැමිණේ. යුග දිවියේ මතභේද හට ගැනීමට හැකි බැවින් කල්පනාවෙන් සහ ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. අපල අවම කර ගැනීමට රාත්‍රියට අභිසම්භිධාන පිරිත කියා නිදාගන්න.
•සුබ අංක 4 සහ 5, සුබ වර්ණය රතු, සුබ දවස් ඉරිදා , අඟහරුවාදා
ධනු - සුබ සතියක්
සඳු ගමන් කරන්නේ 2,3,4 සහ 5 වැන්න මතිනි. මවුපිය, සහෝදර උපකාර ඇතිව එදිනෙදා වැඩ කටයුතු ශක්තිමත්ව කරගෙන යයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු පිළිබඳ වෙහෙසෙයි. ඒ අයගේ නැණ නුවණ වර්ධනය වන සතියකි. ඔබගේ මානුෂීය ගුණ ධර්ම ද වර්ධනය වන මේ සතියේ පුණ්‍ය කටයුතුවලට දායක වීමට ද අවස්ථාව සැලසෙයි. අපල අවම කර ගැනීමට බ්‍රහස්පතින්දා නිර්මාංශ වන්න.
•සුබ අංකය 3 සහ 5, සුබ වර්ණය කහ, සුබ දවස් ඉරිදා, බදාදා සහ බ්‍රහස්පතින්දා
මකර - සුහදත්වය වැඩි වන කාලයක්
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තුන් වැන්න හා සිවුවැන්න මතිනි. අන්‍යයන්ට ද උපකාර කරමින් තම ගෙදරදොර කටයුතු අනලස්ව ඉටු කර ගනියි. කලබලකාරි බව නිසා සුළු සුළු තුවාල, වැටීම්, තැළීම් ඇති විය හැකිය. දරුවන්ට ඉගෙනීම් කටයුතුවලදී නැණ නුවණ වර්ධනය වන ග්‍රහපල ඇත. අපල අඩු වීමට යාචක සහ මහලු අයට උපකාර කරන්න.
•සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සෙනසුරාදා සහ සිකුරාදා
කුම්භ - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්
සඳු ගමන් කරන්නේ 12 ලග්නය, 2 හා 3 වැන්න මතිනි. ආරම්භක දිනය ගැටලු සහගතය. පාඩු සිදු වුවද ඉන් පසු සුබපල ඇත. ගෘහ ජීවිතය දුවා දරුවන් සමඟ සතුටින් ගෙවෙයි. අධ්‍යාපනික කටයුතු හොඳින් කරගෙන යෑමට අවශ්‍ය නැණ නුවණ වර්ධනය වේ. යැපීමට ප්‍රමාණවත් මුදල් ලාභ ලැබේ. පා ඇගිලි ආදියේ මෙන්ම ඇස් දත් ආදියේ ද සෙම් රෝග පීඩා ද ඇති විය හැකිය. අපල අවම කර ගැනීමට කිරිබත් ගුලි 9ක් බටහිර දිශාවේ උඩ තැනකින් තබන්න. කපුටන් ඒවා අනුභව කළොත් අපල සමනය වේ.
• සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා
මීන - මිශ්‍රපල සහිතයි
සඳු ගමන් ගන්නේ 11,12 ලග්නය සහ දෙවැන්න මතිනි. ආරම්භය සුබදායකය. මිල මුදල්, ලාභ ප්‍රයෝජන හිමිවේ. දෙවැනි හෝ තෙවැනි දින ගැටලු සහගත තත්ත්වයක් මතුවිය හැකි වුවද ඉන් පසු ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යා හැකිය. දණහිස් ආබාධ, පා ඇඟිලි වේදනා සහ සෙම් රෝග මතු වේ. අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට හෝ ගෙවල්වල ඇති කරන මාළුන්ට ආහාර දෙන්න.
• සුබ අංකය 3 සහ 9, සුබ වර්ණ කහ සහ රතු, සුබ දවස් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා