‘පුරවැසි ප්‍රඥප්තිය’ ජනවාරි 1 දා සිට | සිළුමිණ

‘පුරවැසි ප්‍රඥප්තිය’ ජනවාරි 1 දා සිට

හජන සේවාවන් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘පුරවැසි ප්‍රඥප්තිය‘ එළඹෙන 2023 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට රටේ සෑම පළාත් පාලන ආයතනයකම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. පළාත් පාලන ආයතනයන් හි අංශ 25 ක් යටතේ මෙය

ක්‍රියාත්මක කෙරෙන අතර දැනටමත් එම ප්‍රඥප්තිය සකස් කොට අවසන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව අදාළ පුරවැසි ප්‍රඥප්තිය දැනටමත් කෙටුම්පත් කොට අවසන් වී තිබෙන අතර එළ ඹෙන දෙසැම්බර් මාසයේ දී මෙය සෑම පළාත් පාලන ආයතනයක් සඳහා ම ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරකෝන් පවසයි.

ඔහු මේ බව සදහන් කළේ 2023 වර්ෂයේ එක් එක් අමාත්‍යාංශයන් හි ක්‍රියකාරී සැලසුම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී 25 දා පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ පුරවැසියන්ගේ ජනජීවිතයට විශාල පහසුවක් ඇතිවන බවත් පළාත් පාලන ආයතනයකින් ඉටුකර ගැනීමට අවශ්‍ය වන සියලු සේවාවන් විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් ඉටු කර ගැනීමේ හැකියාව පවතින බවත් ය.

Comments