
ජපන් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි 33 හැවිරිදි ශ්‍රී ලාංකේය තරුණියක් වූ විශ්මා සඳමාලි රත්නායක 2017 වසරේදී ජපානයට ගියද ඇයගේ වීසා කාලය ඉක්මවා එරට රැඳී සිටීම හේතුවෙන් 2021 මාර්තු 6 වැනිදා ඉතා අවාසනාවන්ත ලෙස ජපානයේ නගෝයා හි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට කොටුව අනතුරුව ඇය මෙලොවින්ද සමුගත්තේ දෙරටේ මානව සුහදත්වයට අකුල් පහරක් එල්ල කරමිනි. 2021 අප්‍රේල් 9 වන දින, ආගමන සේවා නියෝජිතායතනය මෙම සිදුවීම පිළිබඳ අතුරු වාර්තාවක් ප්‍රකාශයට පත් කළ අතර එහිද ඇයගේ මරණයට හේතුව සඳහන් කර නොමැත.
2021 අගෝස්තු 10 වන දින, ඒජන්සිය “අවසාන වාර්තාවක්" ප්‍රකාශයට පත් කර, කාර්යාංශයේ එවකට අධ්යක්ෂවරයාට සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට අවවාද කළ අතර තවත් නිලධාරීන් දෙදෙනකුට තරවටු කළේය. විශ්මාගේ බාල සොහොයුරියන් 2021 නොවැම්බර් මාසයේදී අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අපොහොසත් වූ බව පවසමින් නගෝයා ආගමන කාර්යාංශයේ එවකට ප්‍රධානියා සහ නියෝජ්‍ය ප්‍රධානියා සහ එහි ප්‍රධාන ආරක්ෂකයා චෝදනා කරමිනි. ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එවකට ජ්‍යේෂ්ඨ ආගමන නිලධාරීන්ට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. රැඳවුම් මධ්‍යස්ථායේ වූ විඩීයෝ දර්ශන මඟින් විශ්මාගේ මරණය කෙසේ සිදු වුණිද යන්න පැහැදිලි වුවත්, එරට අධිකරණය ඇයගේ මරණය වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටුකර නැත්තේය.
විශ්මා නගෝයාහි රැඳවුම් මධ්‍යස්ථානයේ කොටුව මියයන මොහොත දක්වාම ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වන ආකාරය, එහිදි ප්‍රතිකාර අපේක්ෂාවෙන් ඇය පසුවුවද නිසි ප්‍රතිකාර නොලැබීම මෙන්ම කුසට අහරක් නැතිව අවසානයේ දුක්ඛිත මරණයක් ඇයට උරුම වන සියලු සිදුවීම වීඩියෝ දර්ශන හරහා පටිගත වී ඇති බව සැලය. සිය සොහොයුරියට යුක්තිය ඉටු කරදීමේ අපේක්ෂාවෙන් ජපානයට ගිය විශ්මාගේ සොයුරියන් දෙදෙනාට රැඳවුම් කඳවුරේ විශ්මා රඳවා සිටි කාමරයේ ආරක්ෂක කැමරාවේ ඇයගේ අවසන් දර්ශන සම්පූර්ණයෙන් නැරඹීමට අවසර ඉල්ලා ඇත්තේ ඇයගේ මරණයේ සියලු තතු මේ ආරක්ෂක කැමරාවල පටිගතව ඇති හෙයිනි. 2021 අගෝස්තු 12 වන දින, විශ්මා රැඳවුම් භාරයේ සිටින අවසන් සති දෙකෙහි සංස්කරණය කරන ලද දර්ශන සහෝදරියන්ට ඒජන්සිය පෙන්වීය. දර්ශන පැය දෙකක් දිග වුවද, දර්ශනයෙන් කලබල වූ නිසා සහෝදරියන් විනාඩි 70 ක් පමණ එය නැරඹා නවත්වා ඇත. තම සොහොයුරියට බල්ලෙකුට මෙන් අන්ත ලෙස සලකා ඇති ආකාරය, ඇය අනෙකුත් රැඳවියන් සමඟ කතා කරන දර්ශන සහ ආගමන විගමන නිලධාරීන් විසින් සමච්චල් කරන දර්ශනද එහිදි දකින්නට හැකිවූ බව වාර්තා වෙයි. නමුත් ප්රශ්නයක්ව ඇත්තේ ඔවුන්ට පෙන්වා ඇත්තේ සම්පූර්ණ වීඩියෝ පටයම නොවීමය. පූර්ණිමා මෙන්ම වයෝමි දෙසොහොයුරියන් පවසා ඇත්තේ "අපේ නංගිව මැරුවා. නංගිව තාවකාලිකව රෝහල් ගත කළේ නම් සුව කළ හැකිව තිබූණා. ඇයගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව ඕනෑම කෙනෙකුට පේනවා. ඇයට මනුෂ්‍යයකුට මෙන් සැලකුවේ නැහැ. වීඩියෝවේ කොටසක් පමණක් නොව සම්පූර්ණ වීඩියෝවම අපට දැකීමට අවශ්‍යයි.” යනුවෙනේ ඔවුන් දැඩිව ජපාන බලධාරින්ගෙන් ඉල්ලීමක් කළේ එයින් අනතුරුවය.
කෙසේ වෙතත් විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් වන්දි නඩුවේදි පැමිණිලිකරුවන්ගේ ඉල්ලීම් ජපාන රජය ප්‍රතික්ෂේප කළේ ය. "වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ තීරණය රැඳවුම් මධ්‍යස්ථාන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සිදුවන දෙයක්, නිසි සැලකිල්ලක් නොදක්වා වගකීම් උල්ලංඝනය කිරීමක් මෙහිදි සිදුවී නැහැ..“ නගෝයා දිස්ත්‍රික් උසාවියේ පැවති නඩු විභාගයේදී ප්‍රකාශ විය.
විශ්මාගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාවෙන්ද කියවුණේ ඇයගේ මරණයට හේතුව අවිනිශ්චිත බවකි. කෙසේ වෙතත් ආක්ෂාව පිළිබඳ කරුණු සනාථ කරමින් රැඳවුම් මධ්‍යස්ථානයේ සම්පූර්ණ විඩීයෝ දර්ශන විශ්මාගේ පවුලේ හිතවතුන්ට නොපෙන්වීමට එරට අධිකරණය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණද, විශ්මාගේ සහෝදරියන් මෙන්ම ඇය වෙනුවෙන් පෙනි සිටි නීතිඥයෝ විඩියෝ දර්ශන ඉල්ලා කරන සටන අත්නෑරියහ. ඔවුන් සිය නීතීඥයන් මාර්ගයෙන් අධිකරණයට දැඩි බලපෑම් කළේ සම්පූර්ණ වීඩියෝ පටය නිකුත් කරන ලෙසය. මෙහිදි මාර්ගගත ක්‍රමයට අත්සන් 93,148 ක පෙත්සමක් ලබා දෙන්නට ඔවුන්ට හැකිවු බව the japantimes'- The Indipendent Voice In Asia එරට පුවත්පත පවසා තිබුණේය. ඒ මේ වසරේ ජූලි මාසයේදිය.
ජපානයේදී මියගිය සිය සොහොයුරියගේ මරණය ගැන වගකීම ආගමන විගමන අංශය විසින් බාර ගත යුතු යැයි විශ්මාගේ සොයුරියන් වන වයෝමි සහ පූර්ණිමා පවසන්නේ ජපාන අධිකරණයත් සමඟ ගැටෙමිනි. ඔවුන් එම බලපෑම් කර ඇත්තේ විශ්මාගේ මරණය සම්බන්ධයෙන් ජපන් අධිකරණ ඇමතිනි යෝකෝ කමිකාවා විශ්මාගේ ඥාතීන්ගෙන් සමාව ඉල්ලා ඇති පසුබිමකය.
විශ්මාගේ මරණයේ අනාවරණය නොවූ සැඟවුණු කරුණු පදනම් කරගනිමින් විශ්මාගේ දෙසොහොයුරියන් පසුගිය ඔක්තෝබර් 27 වැනිදා නගෝයාහි සමාලෝචන මණ්ඩලය වෙත සිය අදහස් දක්වමින් ලිපියක් ඉදිරිපත් කළේ සිය සොහොයුරියගේ මරණය ඝාතනයක් බව දැඩිව අවධාරණය කරමිනි. ඔවුන් මෙම නඩු කටයුත්තේදී මිනි මැරුම් චෝදනා ගොනු කළ නමුත් නගෝයා අධිකරණය විසින් ඒවා ප්‍රතික්ශේප කළේ ඇයගේ මරණය එසේ සිදු නොවූ බව පවසමිනි. කෙසේ වෙතත් ජපාන අධිකරණයත් සමඟ සටනක යෙදෙන්නට මේ දෙසොහොයුරියන් වෙහෙසෙන්නේ මියගිය සිය සහෝදරියට සාධාරණයක් ඉටු කර දෙන්නටය. විශ්මාගේ මරණය සම්බන්ධ අවසන් නඩු විභාගය පැවැත්වුණේ 2022 සැප්තැම්බර් 14 වන දාය. විශ්මාගේ සොහොයුරියන් පවසන්නේ ජපාන අධිකරණය විසින් විශ්මා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනු ඇති බවය. යෙන් මිලියන 156 ක් එනම් ඩොලර් මිලියන 1.16 ක වන්දියක් ඉල්ලා විශ්මාගේ පවුලේ අය ජපන් අධිකරණයත් සමඟ අද සටන් වඳිති.
විශ්මාගේ එක් සොහොයුරියක් අධිකරණයේදි භාෂා පරිවර්තකයකු හරහා විනාඩි 15 කට වැඩි කාලයක් තම සොහොයුරියගේ ජීවිතය බේරා ගත හැකිව තිබූ බව අධිකරණයේදී කරුණු දක්වූවාය. වයෝමි පවසන පරිදි අවසන් වරට තමන්ට විශ්මාව මුණ ගැසී ඇත්තේ 2017 ජූනි මස ඇය ජපානයට පිටත්වන දින ගුවන්තොටේදීය.
ජපානය විශ්මාගේ මරණය ගැන කම්පා වුවද තවමත් ඔවුන්ගේ අඩුපාඩු පැවැති සරණාගත ප්‍රතිපත්තිය වෙනස් කර නැත. විශ්මාගේ මරණ පරික්ෂණ වාර්තාවේ රැඳවියන්ගේ ශාරීරික මානසික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළද, සංක්‍රමණික පද්ධතිය හා බැඳුණු නීතිමය ගැටලුවලට ඔවුන් ආමන්ත්‍රණය කර නැතිබව සැලය. ජපානය සරණාගත ඉල්ලීම් ලබා දෙන්නේ කලාතුරකිනි. ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයක් තිබියදීත්, ජපානය අනුමත කරන්නේ අයදුම්පත් වලින් 1% කට වඩා අඩු ප්‍රමාණයක් වන අතර ඒ වසරේ පුද්ගලයන් 47 ක් විය. විශ්මාද සාගින්නේ මියගිය බවත්, ඇයට නිසියාකාරව ප්‍රතිකාර ලබා නුදුන් නිසා මියගිය බවත්, ඇයගේ මියයාම ජපාන සංක්‍රමණික නීතිවලට පරස්පර විරෝධිතාවයක් ගෙන දුන් බවත්, රැඳවියන්ට නින්දිත ආකාරයෙන් සැලකූ බවත් මේ හරහා ජපාන සරණාගත ප්‍රතිපත්තින්ට එල්ල වූ චෝදනාවලින් කොටසකි. විශ්මා ජපානයේදි මරණයට පත්ව මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගෙවීමට ඇතිද, තවමත් විශ්මාගේ මරණය නොවිසදුණු ජපානයේ ඇඳෙමින් පවතින නඩුවක් බවට පත්ව ඇත. විශ්මාගේ සොහොයුරියන් දෙදෙනා වන වයෝමි මෙන්ම පූර්ණිමා රත්නායක ජපාන අධිකරණයත් සමඟ විශ්මාගේ අකල් මරණය වෙනුවෙන් තවමත් සටන් කරන්නේ සිය සොහොයුරියට යුක්තිය පසිඳලන්නටය.
කෙසේ වෙතත් විශ්මාට සාධාරණයක් අපේක්ෂාවෙන් කටයුතු කරන ජපන් වැසියෝද බලධාරීන්ට බොහෝය. එරට සිවිල් මෙන්ම මානව සංවිධාන මෙන්ම නීතීඥයන්ද මේ සටනට පිවිස ඇත්තේ කොතැනක හෝ වරදක් සිදුව ඇති හෙයිනි. 2020 අගෝස්තු විශ්මා රැඳවුම් මධ්‍යස්ථානයට යැවූ පසු START Group නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් ඇයව රැකබලා ගෙන ආරක්ෂා කළ අතර, විශ්මා දැඩිව අසනීප වීමේදී සම්බන්ධ කර ගෙන ඇත්තේද එම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු වන Matsui Yaisinori සහ Akemi Mano බව සැලය. මෙම ජපන් ජාතිකයන් දෙදෙනා විශ්මාට ඖෂධ ලබාදී රැඳවුම් මධ්‍යස්ථානයෙන් තාවකාලිකව මුදාහරින ලෙස ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප වී ඇති බවත්, ඇය බැලීමට යාමට අවසර නොදුන් බව ඔවුන් තම සාක්ෂියේදී අධිකරණයට ප්‍රකාශ කර තිබුණි. ඇගේ මරණයට පෙර, ඇයව බැලීමට යාම නිසා ඇයට පහත් ආකාරයෙන් සැලකූ බවත් සාක්ෂි දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් විශ්මාගේ නොවිසදුණු මරණයේ අදුරු සෙවණැලි තවමත් එලෙසය. එය ඝාතනයක්ද? යමෙකුට සාගින්නේ ප්‍රතිකාර ලබා නොදි මිය යාමට ඉඩ හැරීම ඝාතනයක් නොවන්නේ කෙසේද? විශ්මාගේ සොහොයුරියන් පමණක් නොව තවමත් ජපානයේ මානව හිතවාදින් මේ පිළිබඳ තර්ක විතර්ක ඉදිරිපත් කරති. ආගමන හා සරණාගත ප්‍රතිපත්ති පිළිබඳ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයකු වූ ටයිගා ඉෂිකාවා පවා පවසා තිබුණේ සංක්‍රමණ මධ්‍යස්ථානයේ තත්ත්වය පිළිබඳ රට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, මෙය සොරකුට තමාගේම මංකොල්ලයක් විමර්ශනය කිරීමට ඉඩදීම හා සමාන බවත්ය” විශ්මාගේ පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ෂෝයිචි ඉබුස්කි පවසන්නේ ඇයගේ නඩුව පුරාම අසාර්ථකත්වයට අදාළ සාක්ෂි ඇති බවකි. “ඇගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ අවස්ථාවන් තිබුණා, නමුත් ඇය මිය ගියා,“ ඔහු පවසන්නේ ඇත්ත ඇති සැටියෙන්ම දන්නා නිසා විය යුතුය.