
ජනක ප්‍රියන්ත දයාරත්න
සිවිල් ඉන්ජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ
ප්‍රධාන පර්යේෂක
වාස්තු ශාස්ත්‍රයේදී නිරිත දිශාවට ඇති විශේෂත්වය සුළුපටු නොවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ ඊසානයෙන් ගලා එන (සාපේක්ෂ වශයෙන්) අන්තරීක්ෂ ශක්තිය ගබඩා වන්නේ නිරිත දිශාවේ වන බැවිනි. නිරිත දිශාවට සාම්ප්‍රදායිකව ගත්තද ධාතුන් වශයෙන් පඨවි ධාතුව හෙවත් පෘතුවි ධාතුව අයත් වන බව දක්වා ඇත.
එහි බලය දුර්වල වන ප්‍රධානම ධාතුව වන්නේ ආපෝ ධාතුව හෙවත් වැගිරෙනසුලු ස්වාභාවයයි. මෙකී වැගිරෙනසුලු ස්වාභාවය විසින් පඨවි ධාතුව හෙවත් තද බව දුර්වල කරන ආකාරය සාම්ප්‍රදායිකව ද වාස්තු විද්‍යාවේ දක්වා තිබේ. මේ අනුව පඨවි ධාතුව දුර්වල වීම සඳහා මහත් සේ බලපාන අංගයක් ලෙස ආපෝ ධාතුව එනම්, ප්‍රධාන වශයෙන් ජලය බලපාන බව කිව හැකියි. ඒ අනුව නිරිත දිශාවේ පවත්නා කිසියම් ජල මූලාශ්‍රයක බලපෑම එවැනි පරිශ්‍රයක පවතින ඉඩමක ශක්තිමය දුර්වලතාවක්, ඌණතාවක් ඇති කිරීමට හේතු වන බව කිව යුතුය.
ඒ අනුව නිරිත දිශාවේ පවත්නා කිසියම් දිය පහරක්, වතුර කානුවක්, ළිඳක් හෝ එවැනි ජල මූලාශ්‍රයක් නිසා ශක්තිමය වශයෙන් දුර්වල පරිසරයක් ගොඩ නැඟේ. මේ අනුව එවැනි ඉඩමක තනා ඇති නිවෙසක ආර්ථික වශයෙන් හා විවිධ රෝගී තත්ත්වයන් හට ගොදුරු වන තත්ත්වයක් හටගත හැකිය. එසේ වුවත් ඒ රෝගී තත්ත්වය ඇති වන්නේ පොදු ශාරීරික යෝග්‍යතාවට පමණක් නොව ආර්ථික වශයෙන් පීඩාවන් ඇති කරවීමට ද හේතු වෙයි. මේ අනුව අප විසින් යම් ජල මූලාශ්‍රයක් ඉදිරිපිට පැවතීම හෝ වෙනත් පඨවි ධාතුව දුර්වල කරන හේතුවක් නිසා අන්තරීක්ෂ ශක්ති ඌණතාවක් නිෙවසේ ඇති විය හැකිය. ඒ අනුව අන්තරීක්ෂ ශක්ති ඌණතාව හේතුකොට ගෙන එකී නිවෙසෙහි ජීවත් වන්නන්ගේ ප්‍රභා මණ්ඩලය හෙවත් ශක්ති ශරීරය ශීඝ්‍ර ලෙස දුර්වල වන්නට ඉඩ ඇත. මෙවැනි තත්ත්වයකදී අප විසින් කළ යුත්තේ කුමක්දැයි අවසානයේ හෝ සඳහන් කළ යුතුය. මේ සඳහා කළ හැකි ඉතා හොඳම විසඳුම වන්නේ නිරිත දිශාවෙන් ඉවතට අන්තරීක්ෂ ශක්තිය ගලා නොයන ලෙස කිසියම් බාධා කිරීමක් සිදු කිරීමයි. එය භෞතික වශයෙන් තාප්පයක් හෝ වෙනත් යමක් යොදා යම් පමණකට කළ හැකි වුවත් එය ප්‍රායෝගිකව භාවිතයට ගත හැක්කක් නොවන බව දැකිය හැකිය. ඒ අනුව අපට වර්තමානයේ ඉතා පහසු හා පිරිවැය අඩු ක්‍රමයක් ලෙස නිරිත දිශාවේ එල් හැඩයට පිහිටුවනු ලබන පිරමීඩ භාවිතය යෝජනා කළ හැකිය. එවිට එවැනි පිරමීඩවලින් නිකුත් වන සිරස් අන්තරීක්ෂ ශක්තියට සමාන ශක්ති කදම්බයන් හේතු කොට ගෙන අන්තරීක්ෂ ශක්තිය නිරිත දිශාවෙන් ඉවතට ගලා නොයන බව පැහැදිලි කර ගත හැකිය.
ඒ අනුව නිරිත දිශාවේ පවත්නා ජල මූලාශ්‍රය හෝ ආපෝ ධාතුවෙන් දුර්වල වන පඨවි ධාතුවේ පවත්නා ඌනතා සමනය කර ගැනීමේ හැකියාවක් උදා වේ. එහි නිසඟ ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික වශයෙන් හා සෞඛ්‍යමය වශයෙන් ඇති විය හැකි දෝෂ තත්ත්වයන් දුරු කර ගැනීමට හැකි වන බව පර්යේෂණාත්මකව පෙන්වා දිය හැකිය.