
මේෂ - සහෝදර සබඳතා වර්ධනය වෙයි
සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න හරහාය. ගෘහ ජීවිතය තුළ අතපසු වූ වැඩ කොටස් අනලස්ව කෙරෙන මේ සතියේ වචනය පිළිබඳ පරෙස්සම් වීමට සැලකිලිමත් වන්න. රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබේ. දරුවන්ගේ දැනුම, බුද්ධිය වර්ධනය වේ. හෘදය, ආමාශය, දත් රෝග, සෙම්රෝගවලට ඉඩ ඇත. හදිසි සුළු අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ද වැඩිය.
දිනපතා බුදුන්ට පැන් වීදුරුවක් තබා උදේ ගමන් ආරම්භ කරන්න.
අන්තරාය නිවාරණ පිරිත කියන්න.
අය 6, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා
වෘෂභ - ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක්
සඳු ගමන් ගන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. රැකීරක්ෂා හා ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර ගෘහ ජීවිතය සාමකාමීය.
නොසැලෙන අධිෂ්ඨාන ශක්තියකින් කටයුතු කළද කරන කියන සෑම කටයුත්තකදීම අවදානම ගැන සිතා බලා තීන්දු තීරණ ගන්න. සතියේ ආරම්භයේ සිටම අලුයම සුදු මල් හා රතු, නිල් යන තුන් වර්ගය බුදුන්ට පූජා කර ජයෝ මුනින්දස්ස ගාථාව ද කියා පිටත් වන්න.
අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස ඉරිදා
මිථුන - දරුවන්ට සුබපල
සඳු ගමන් ගන්නේ 1, 2, 3 සහ සිවුවැන්න හරහාය. කරන කියන රැකියා කටයුතු දියුණුවට පත්වෙන මේ සතියේ අතමිට මිල මුදල් ගැවසුණද මුදල්වැය වීමට ද කරුණු යෙදේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දුවා දරුවනට ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය නැණ නුවණ පහළ වුවද උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට තරමක බාධාකාරී වටපිටාවක් නිර්මාණය විය හැකිය. ස්නායු රෝග, වාත වේදනා, දත් සහ ඇස්වල අසනීප ඇති කරයි.
තිරිසන් සතුනට, කුරුල්ලන්ට ආහාර දෙන්න.
අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සඳුදා
කටක - ආර්ථිකය සවිමත් වේ
සඳු ගමන් ආරම්භ කරන්නේ 12, 1, 2, සහ තුන්වැන්න මතිනි. ආරම්භය එතරම් සුබ නොවුණද ඉන්පසුව යහපත්ය. ආර්ථිකය ශක්තිමත් කරගත හැකිය. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය දැනුම වර්ධනය වේ. යෙහෙළියකගෙන් හෝ ස්ත්‍රී පක්ෂයේ කෙනෙකුගෙන් දෝෂාරෝපණයක් එල්ල විය හැකිය. හෘද රෝග, දත්, ඇස්, පා ඇඟිලි ආදියේ මෙන්ම සෙම් ගතිය මතු කරයි. රැකියාවට යෑමට ප්‍රථම උදෑසන බුදුන්ට පැන් වීදුරුවක් සහ
සුදු මල් ටිකක් පූජා කිරීමෙන් අපල අවම වේ.
අය 5, වැය 3, සුබ අංකය 2, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා
සිංහ - ලැබීම් සහිතයි
සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12, ලග්නය සහ දෙවැන්න මතිනි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් සැලකිය යුතු මුදලක් ලද වුවද ඒ සඳහා ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වේ. ගෘහ ජීවිතයේ සාමකාමී බව රැඳේ. නොසිතූ මුදලක් ලැබීමට ද ඉඩකඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම විදෙස් අධ්‍යාපනයට ද හිතකරය. හිසරදය, පාදවල වේදනා, හෘද රෝග, අජීර්ණ ගති මතුවිය හැකිය. චෛත්‍යයක් අබියස රතුමල් ටිකක් පූජා කර මෝර පිරිත කියා දවස පටන් ගන්න.
අය 7, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා
කන්‍යා - රැකියා, ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ඉපයිය හැකි වුවද ඇවිදිලි වැඩි වෙයි.
ගෘහ ජීවිතය තුළ හැල හැප්පීම් ඇති වුවද ඒවා තාවකාලිකය.
කිසියම් ආකාරයක පාඩු, අලාභ හානි වීමක් ද පෙනෙන්නට ඇත. දරුවන්ගේ ඥාන ශක්තිය වර්ධනය වේ. පාදවල වේදනා, හිසරදය, සෙම් රෝග මෙන්ම ස්නායු ආබාධවලට ද ඉඩ ඇත. ඉගෙන ගන්නා දරුවනට උපකාර කිරීමෙන් අපල අඩුවේ.
අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සිකුරාදා
තුලා - ලොතරැයි දිනුම්
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 භාවයන් මතිනි.
ආරම්භය පුණ්‍ය කටයුතුවලින් නිසා චිත්ත ශක්තිය යහපත් වේ. රැකියා සහ ව්‍යාපාරවලින් ආදායම් ලාභ ප්‍රයෝජන හිමි කරදෙයි. ලොතරැයි දිනුම්වලට භාග්‍ය පවතින අතර, වෙනත් පාරම්පරික උරුමයක් හෝ ලැබිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවෙයි.
යුග දිවියේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්, අසනීප, අනතුරු, සිත් රිදීම් ආදියට සහ පාඩුවක් වීමට ද ඉඩ ඇත. මහලු මවකට ඇප උපකාර කිරීමෙන් අපල අවම වේ.
අය 8, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා
වෘශ්චික - ආදායම් ඉහළට
සඳු ගමන් කරන්නේ 8, 9, 10 හා 11 වැන්න හරහාය. ආරම්භය එතරම් සුබ නොවුණත් ඉන් පසුව තත්ත්වය යහපත් වේ.රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ලබයි. ඇවිදිලි වැඩිවෙයි. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවන දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වන සතියකි.
සුළු අපල, අනතුරු, අසනීප ගති මතු කරන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
චෛත්‍යයක් අබියස රතු මල් පූජා කර සතිය පටන් ගන්න.
අය 5, වැය 3, සුබ අංකය 1, සුබ වර්ණය රතු, සුබ දවස බ්‍රහස්පතින්දා
ධනු - මිශ්‍ර පල සහිතයි
සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය තුළ ගැටලු සහගත තත්ත්වයන් සහ අධික වියදම් සිදු වෙයි. අසනීප කරදර මතුවෙයි. ආදායමට වඩා වියදම් වැඩි වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දැඩි කැපකිරීමක් කරන්නට සිදු වෙයි. ඒරාශ්ටක අපල කාලය අවසන් වෙන බැවින් ඉදිරියේ යහපත් කාලයක් උදා වනු ඇත.
බෝමළුව ඇමදීම, ගිලන්පස පූජා කිරීම නිතර සිදු කිරීමෙන් අපල අඩුවේ.
අය 7, වැය 6, සුබ අංකය 5, සුබ වර්ණය කහ, සුබ දවස බදාදා
මකර - කල්පනාකාරී විය යුතු සතියක්
සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ආර්ථික අපහසුතා ඇති වෙයි. අපල, අනතුරු, අසනීප කරදර මතු කරයි. කරන කියන සෑම කටයුත්තක්ම ඉතා කල්පනාකාරීව සිදු කර ගන්න. තුන් බෝධියට වැඳ සතිය ආරම්භ කරන්න. නිතර බෝධි පූජා සහ සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් පුද පූජා කරන්න.
අය 7, වැය 6, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා
කුම්භ - සිතේ දිරිය වැඩි වෙයි
සඳු ගමන් ආරම්භ කරන්නේ 5, 6, 7, 8 වැනි භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර ආදියෙන් ලැබූ ආදායම් තරමක් දුරට අඩුවීමට පුළුවන. කරන්නට සිතූ වැඩ කොටසක් මග හැරී ඇත. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හොඳින් සිදුවේ. ඒරාශ්ටක තත්ත්වයක් ආරම්භ වී ඇති හෙයින් බාධාවන් ඇති වුවද උත්සාහයෙන් කටයුතු කරන්න. චිත්ත ධෛර්ය උපදවා ගන්න. අපල මගහරවා ගැනීමට ආගම දහමට නැඹුරු වන්න.
තුනටියෙන් පහළ අසනීප ආමාශගත රෝග, හිසරදය ඇතිවේ.
අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා
මීන - ආදායම් තත්ත්වය සුබදායකයි
සඳු ගමන් කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න හරහාය. ගෙදරදොර අලංකාරය පිණිස වැඩි කාලයක් වැය කරයි. රැකියා සහ ව්‍යාපාරවලින් සැලකිය යුතු ආදායමක් හිමි වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල කර ගැනීමට හැකි ග්‍රහ බල පවතී. ගෘහ ජීවිතය සාමකාමීව ගෙවෙයි. මුත්‍රා දෝෂ, තුනටියේ වේදනා, ආමාශගත රෝග මතුවිය හැකිය. සතිය ආරම්භයේ බුදුන්ට කහ පාට මල් පූජා කර පැන් බඳුනක් තබන්න.
අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා