
මේ ජන සභා සංකල්පය පිළිබඳ කතිකාව විටින් විට සමාජය තුළ ගොඩ නැඟෙන්නට විය. මේ කාරණාව ජන සභා යන නමින් හෝ ඊට සමාන වෙනත් නම්වලිනුත් සමාජය තුළ මතු විය. මෙය සංකල්පයක් ලෙස මේ රටේ බලය විමධ්‍යගත කිරීමට යම් සම්බන්ධයක් පවතින කාරණාවකි. එයින් යෝජිත ජන සභාව දේශපාලන ඒකකයක් ලෙසින් අදහස් නොවෙයි. නමුත් ලංකාවේ මූලික ගැටලුවක් වන්නේ කුමක් හෝ නව සංකල්පයක් විමර්ශනය නොකිරීමෙන්ම එයට විරුද්ධ වීම විලාසිතාවක් බවට පත්වී ඇත.
සංකල්පයේ අන්තර්ගතය ගැන කිසිදු අවබෝධයක් නැතුව එය විවේචනය කිරීම සිදු වෙයි. පළමු වැනි කාරණාව කුමක්ද එහි සම්මුතිය කුමක් ද, ප්‍රයෝජන මොනවා ද යන කාරණා පිළිබඳව මුලින්ම තේරුම් ගත යුතුයි. ජන සභාව යනු වර්තමානයේ දේශපාලනික වටපිටාව තුළින් මතු වූ විශාල සංවාදයකි. එහිදී පැහැදිලි කරුණ නම් මේ සංයුතියට දේශපාලකයන් සම්බන්ධ නොවීමයි. මෙහි සිටින්නේ ප්‍රාදේශීය සිවිල් සමාජය නියෝජනය කරන ප්‍රාදේශීය සංවිධානයි. එනම් මේ යෝජනා ව්‍යුහය තුළ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ජනතා සංවිධානයන්හි නියෝජිතයන් මේ ජන සභාවේ ප්‍රාදේශීය නියෝජිතයන් බවට පත් වෙයි. මෙරට ග්‍රාම නිලධාරී වසම් 14022 වෙයි. මේ ජන සභාවක ප්‍රාදේශීය භූගෝලීය බල ප්‍රදේශය බවට පත්වෙයි. ජන සභාවලට තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ග්‍රාම නිලධාරින් වසමේ පවතින ගැටලු හඳුනා ගැනීමත් ඒවට අවශ්‍ය වන විසඳුම් යෝජනා කිරීමත් සැලසුම් සකස් කර ගැනීමත් මේ ජන සභාවට පැවරී ඇති විශාල වගකීමකි. එවැනි අවස්ථාවලදී මේ සඳහා දැනුම ඇති පිරිස් වෙත්නම් එම පුද්ගලයන්ට ඒ සඳහා මැදිහත් පාර්ශ්වයක් විය හැකියි. මූලික වශයෙන් ජන සභාවක යෝජනා වන ප්‍රාදේශීය ගැටලු ප්‍රශස්ත ආකාරයේ සැලසුම් කරණයකට ලක්කර සහය වීමට ප්‍රමුඛතාවන් අවශ්‍ය වෙයි. ඒ සඳහා අනෙකුත් ජාතික මට්ටමේ සහය සේවාවන් ලබාදීම ද සිදුවිය හැකියි.
මේ අනුව මෙය සකස් විය යුතු වන්නේ ග්‍රාමීය මට්ටමේ ඇති ගැටලු විසඳෙන ව්‍යුහයක් ලෙසයි. ජන සභාව ප්‍රාදේශීය මට්ටමෙන් ග්‍රාම නිලධාරී වසමකට සීමා වන විට ගම් මට්ටමේ ජන සභාව ජාතික තලය දක්වා යන ව්‍යුහයක් එහිදී සකස් වෙයි. ඒ අනුව මේ මුළු රටේ අවශ්‍යතාව වෙනුවෙන් පවතින ග්‍රාමීය අවශ්‍යතාව නියෝජනය වන එයට අවශ්‍ය වන, සැලසුම් සකස් වන ජාතික තලයේ වැඩපිළිවෙළක් බවට මෙය පත්විය යුතුයි. ස්වාධීන ජනතා නියෝජනයක් සහිත ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පිහිටුවන වැඩපිළිවෙළක් බවට මෙය පත්විය යුතුයි. මෙවැනි ව්‍යුහයක දී තරුණයන් කාන්තාවන් වැනි කණ්ඩායම් එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ තුළ ජාතික සංවිධානයන් නියෝජනය වන ව්‍යුහයක් පිළිබඳ සංකල්පයක් වෙයි. ග්‍රාම නිලධාරී වසම්වල ඇති ජනවාර්ගික ආගමික නියෝජිතයන් සහ සියලු සමාජ කොටස් නියෝජනය වන නියෝජනයක් මේ තුළ තිබිය යුතුයි. ග්‍රාම සේවා කොට්ඨාස සඳහා ප්‍රායෝගිකව පවතින තත්ත්වයන්ට අවශ්‍ය නියෝජනය ලබා දිය යුතුයි. මේ ව්‍යුහය දේශපාලනික කාරණාවලට භාවිත නොකළ යුතුයි. එවිට රජය අපේක්ෂිත අරමුණට යාමට නොහැකි වෙයි. ජනතාව තුළ මේ වන විට ප්‍රතික්ෂේප කිරීම් සහ විවේචනය පවතින්නේද මේ අනුවයි. මෙය දේශපාලන ව්‍යුහයක් නොවෙයි. විවේචනය කරමින් සිටීමට වඩා අපි ඉදිරියට යා යුතුයි. මෙය හොඳ අත්හදා බැලිය යුතු සංකල්පයකි. මේ සඳහා සමාජයේ සියලු ස්ථරයන්ගේ සහාය ලැබිය යුතුයි.