හොරෙන් ගේන රන් නිසා මස­කට කෝටි 1100ක් අහි­මියි | සිළුමිණ

හොරෙන් ගේන රන් නිසා මස­කට කෝටි 1100ක් අහි­මියි


විදෙස් රටවල සිට ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන්භාණ්ඩ මෙරටට පැලඳ පැමිණීමෙන් මසකට අමෙරිකන් ඩොලර් මිලියන 30ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 11,000ක් මෙරටට අහිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිළුමිණට පැවසීය. 

එවන් පුද්ගලයන් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඉදිරි මස සිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රේගුවට භාරදී ඇති බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කෙළේය.

මෙලෙස වැඩිපුරම රන්භාණ්ඩ ජාවාරම සිදුවන්නේ ඩුබායි රටේ සිට බවත්, දිගු කලක් තිස්සේ විදේශ රැකියාවල නිරතව සිටින බව කියති. ලංකාවට පැමිණෙන සාමාන්‍ය මගීන් වරකට පවුම් 10ක් වැනි ප්‍රමාණයක් පැලඳගෙන පැමිණිය ද ඔවුන්ට කිසිදු බලපෑමක් මෙම තීරණයෙක් සිදු නොවන බවත් ඔහු කීවේය.

 

Comments