සතියේ පොත් පත් | සිළුමිණ

සතියේ පොත් පත්

කෘතියේ නම - දත් බලන්න කට ඇතු­ළට 
කර්තෘ - නුවන් තොට­වත්ත 
ප්‍රකා­ශක - සම­ය­ව­ර්ධන පොත්හල 
මිල - 785/= පිටු ගණන - 24 
විම­සීම් - 0112 683 986


කුඩා දරු­වන් දැන­ග­තම යුතු විද්‍යා­ත්මක කරුණු නිවැ­ර­දිව සහ ඔවුන්ට පහ­සු­වෙන් සහ කැමැ­ත්තෙන් කියවා තේරුම් ගත හැකි ලෙස වෛද්‍ය නුවන් තොට­වත්ත විසින් රචිත මේ කෘතිය දන්ත සෞඛ්‍යය පිළි­බඳ දැනු­ම්වත් කරන අපූරු කෘති­යකි. ග්‍රැෆික් නිර්මාණ ශිල්පි­යකු ලෙස රාජ්‍ය සේවයේ නියුතු නුවන් චතු­රංග විසින් අඳින ලද ඉතා අලං­කාර විචි­ත්‍ර­වත් චිත්‍ර නිසා කුඩා දරු­වන්ගේ සිත්ඇ­ද­ගන්නා ලෙස කෘතිය නිර්මා­ණය කර ඇත.

කෘතියේ නම - අප­රාධ අධි­ක­ර­ණ­යක
සංක්ෂිප්ත ක්‍රියා පටි­පා­ටිය
කර්තෘ - පී. ඩබ්ලිව්. ජය­ති­ලක
කර්තෘ ප්‍රකා­ශ­න­යකි
මිල - 400/=
පිටු ගණන -180 විම­සීම් - 0112 929 641

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ අධි නීතිඥ පී. ඩබ්ලිව්. ජය­ති­ලක විසින් රචිත මේ කෘති­යෙන් අප­රාධ අධි­ක­ර­ණ­යක සංක්ෂිප්ත ක්‍රියා පටි­පා­ටිය පිය­ව­රෙන් පිය­වර විග්‍රහ කෙරෙන අතර, අප­රාධ නීතිය පිටු­පස ඇති මූලික කරුණු තේරුම් ගැනී­මට ද උප­කාරී වේ. මේ සම්බ­න්ධ­යෙන් ඉංග්‍රීසි භාෂා­වෙන් රචිත පොත්පත් සුලබ වුවද සිංහල බසින් රචිත පොත් දුලබ බැවින් මේ කෘතිය නීති ශිෂ්‍ය­යන්ට මෙන්ම මේ පිළි­බඳ උන­න්දු­වක් දක්වන ඕනෑම අය­කුට ඉතා ප්‍රයෝ­ජ­න­වත් කෘති­යකි.
මීට අම­ත­රව කතු­ව­රයා විසින් රචිත ‘නීතිය සහ නීතියේ ඉති­හා­සය’ නම් කෘතිය මේ වන විටත් බොහෝ දෙනාගේ අව­ධා­නය දිනා­ගත් කෘති­යකි.
 

කෘතියේ නම - මඩේ පිපුණු මල්
කර්තෘ - ඩබ්ලිව්.ඒ. විජේ­ව­ර්ධන - කර්තෘ ප්‍රකා­ශ­න­යකි
මිල - 450 /= පිටු ගණන -104
විම­සීම් - 0777778 626

ප්‍රවීණ ආර්ථික විශේ­ෂ­ඥ­යකු ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධි­ප­ති­ව­ර­යකු වන ඩබ්ලිව්.ඒ. විජේ­ව­ර්ධන සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වය මනා ලෙස හසු­ර­ව­මින් ලේඛ­නයේ යෙදෙන ස්වාධීන ලේඛ­ක­යෙකි. සාහිත්‍ය නිර්මාණ රැසක කතු­ව­රයා වන හෙතෙම ආර්ථික විද්‍යාව පම­ණක් නොව ඉති­හා­සය, බුදු දහම, සංස්කෘ­තිය වැනි ඕනෑම විෂ­යක් යටතේ කරුණු ඉදි­රි­පත් කිරීමේ සම­තෙකි. ඔහු විසින් රචිත කෙටි­කතා කිහි­ප­යක් සහ කාව්‍ය නිර්මාණ කිහි­ප­යක් මේ කෘති­යට ඇතු­ළත්ය. මෙහි එන කෙටි­කතා කල්පිත ආඛ්‍යාන කෙටි­ක­තා­ව­කට පොදු ලාක්ෂ­ණික ගුණ­යෙන් මෙන්ම කාව්‍ය­මය ගුණ­යෙන් ද අනූ­නය. ප්‍රේමය, ලාල­සාව, ස්වයං­ව­රය, සහ ශුංගා­රය ආදී මාන­වීය සබ­ඳතා පිළි­බඳ කතු­ව­ර­යාගේ නූතන චින්ත­න­යක් ලිබ­රල් නිද­හ­ස්කාමී අද­හස් මේ කෘතිය තුළින් මනාව නිරූ­ප­ණය වේ.
 

කෘතියේ නම - බැංකු අර්බු­දය
අනු­වා­දක - බොබී. ජී. බොතේජු
ප්‍රකා­ශක - ඇස්.ගොඩගේ සහ
සහෝ­ද­රයෝ
මිල - 450/= පිටු ගණන -152
විම­සීම්- 0112 685 369



මේ කෘතිය බැංකු අර්බු­දය නම් සම්භාව්‍ය ඉන්දීය කෙටි­ක­තා­වල සිංහල අනු­වා­ද­යයි. ලෝ ප්‍රකට ලේඛ­ක­යන් විසින් ලියන ලද කෙටි­කතා 16ක් මෙම කෘති­යට ඇතු­ළත්ය.
 

කෘතියේ නම - ජිනඃ ජිනකං ජිනඃ පට්ටං
කර්තෘ - චමත්කා විමංසි දිසා­නා­යක
කර්තෘ ප්‍රකා­ශ­න­යකි
මිල - 250/= පිටු ගණන -110
විම­සීම් -0718 107 753

රත්න­පුර සීවලී මධ්‍ය විද්‍යා­ලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­මින් සිටි­යදී චමත්කා විමංසි විසින් ‘රටක් වටින පොතක්’ නම් පොත් ව්‍යාපෘ­තිය වෙනු­වෙන් රචනා කරන ලද්දකි. වසර 80කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජන ජීවි­තය, ගැමි සංස්කෘ­තිය පිළි­බඳ මනා ලෙස ඉදිරිපත් කර ඇත.

Comments